සන්ධාන ජාතික ලයිස්තුව තුලින් පරාජිත මන්ත්රීවරුන් කිහිප දෙනෙක් නැවත පාර්ලිමේන්තුවට කැඳවීමෙහි තමන් වරදක් නොදකින බවත්, පාර්ලිමේන්තුව තුල අවශ්යයෙන්ම සිටිය යුතු කිහිප දෙනෙක් එලෙස නැවත ජාතික ලයිස්තුව තුලින් පත්කිරීම ජනපතිවරයාගේ කාලෝචිත පියවරක් ලෙස තමන් විශ්වාස කරන බව දඹර අමිල හිමි පවසයි.
“මේ පරාජයට පත්වුණු පිරිස ඇත්ත වශයෙන්ම පරාජයට පත්විය යුතු දේශපාලඥයින් පිරිසක් නෙවෙයි, පරාජිතයන් වූ පමණින් එකම වල්ලට දාලා තීරණය නොකල යුතුයි. පරාජිත වූවත් දූෂිතයන් නොවේනම් පාර්ලිමේන්තුව තුලට පැමිණිය යුතුය, ජයග්රහණය කලත් දූෂිතයන්නම් වරප්රසාද නොදිය යුතුයි“
එසේම පරාජයට පත්වුණු පිරිස රටට වැඩක් කල දේශප්රේමී පිරිසක් බවත්, ඔවුන් වෙනුවෙන් ගන්නා ලද පියවර ජනතාවාදී බවත් වැඩිදුරටත් සඳහන් කලහ.
