Saturday, August 8, 2015

දැන් බෙහෝ අය පැත්ත තෝරාගෙන ඇත

11:50 AM


දැන් මහ මැතිවරණයට ඇත්තේ සතයකට ආසන්න කාලයක් නිසා බොහෝ දේ වෙනස් වෙමින් ඇත. ඒ වෙනස්වීම් අතර ඇති ප්‍රධානතම දෙය මෙතෙක් තමන්ගේ පැත්ත හංඟාගෙන සිටි බොහෝ දෙනෙක්ට නොදැනීම තමන් පය ගසාගෙන සිටින පැත්ත පෙන්නන්නට සිදුවී තිබීමයි.

   ඇතැම් අයට චෝදනා එල්ලවුණේ රු 1600 ට කඩේ යනවා කියාය, තවත් අයට චෝදනා එල්ලවුණේ කලින් හැංඟූ සල්ලි විසිවුණා කියයා. කෙසේ වෙතත් ඉවසාගන්නට බැරිවම ඇති තැන තමන් නියෝජනය කරන පාට, තමන්ගේ පැත්ත දැන් බොහෝ අය ප්‍රදර්ශනය කර ඇත. මාධ්‍ය ආයතනද එසේමය. මාධ්‍ය ආයතනවල න්‍යාය පත්‍රද වෙනස්වී ඇත. ආණ්ඩුව “දෙරණට“ චෝදනා කරන්නේ මහින්ද රාජපක්ෂට කඩේ යනවා කියාය, එසේම “සිරසට“ බනින්නේ සජිත් උස්සා රනිල්ට ගහනවා කියාය. මෙහි ඇත්ත නැත්ත ඒ නාලිකා බලන ඔබ හොඳාකාරවම දන්නවා ඇත.

  ඒ අතර ප්‍රසිද්ධ චරිතද තමන් පයගසා සිටින පැත්ත හොඳින්ම පෙන්වමින් සිටී. මැතිවරණයේ ඇත්තේ සීතල ගේම් එකකි. එහෙට මෙහෙට පැනිලිවලට වඩා සීතල සටනක් යන බව පෙනෙන්ට ඇත. මහා පරිමාණ ගේම් වලට වඩා පුංචි පුංචි සංග්‍රාමික සාධකවලට වැඩි අවධානය යොමුකරමින් සියළුම පක්ෂ කටයුතු කරන බව පෙනෙන්ට ඇත.

   අමතක නොකල යුතු කාරණය වන්නේ සීරුවට ගලායන ගංදිය යටින් දරුණු සුළි සහ සැඩ පහරද තිබිය හැකි බවයි.


0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by