Thursday, August 27, 2015

ඩග්ලස් - තොණ්ඩා ජාතික ආණ්ඩුවේ පුටු වලට

4:18 PM



ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ඩග්ලස් දේවානන්ද සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් යන මහත්වරු නව ජාතික ආණ්ඩුව සමග එක්වන බවට ප්‍රකාශකර ඇතැයි වාර්තා වේ.  පසුගිය රජයේ ප්‍රබල චරිත දෙකක් වූ මොවුන් මෙලෙස ජාතික ආණ්ඩුව සමග එක්වීම තීරණාත්මක සාධකයක් වනු ඇත.

කලක් රජුන් තනන්නෝ ලෙස ප්‍රකටව සිටි තොන්ඩමන්ගේ බල බිඳීමට මහින්ද රාජපක්ෂ සමත්වීම සමග බොහෝ කලක් දේශපාලනික වශයෙන් ඔහු සිටියේ නිශ්ශබ්දවය. පසුගිය ජනාධිපතිවරණයේ පවා සක්‍රීය දායක නොවූ තොන්ඩමන් නව රජය සමග එක්වීම එතරම් විමතියට කරුණක් නොව.

නමුත් මහින්ද රාජපක්ෂ සමග සහ අතීතයේ සිටම නිදහස් පක්ෂය සමග එකම ගමන් මගක සිටි ඩග්ලස් දේවානන්ද මෙලෙස නව ජාතික ආණ්ඩුව සමග එක්වීම විශේෂ සිදුවීමකි. මෙවර මහමැතිවරණයෙන් ඊ.පී.ඩී.පී යට එක් මන්ත්‍රී ධූරයක් යාපනයෙන් හිමිවිය. එසේම වෙනදා නිසැක වශයෙන් ජයගන්නා කයිට්ස් දූපතේ ජයග්‍රහනය පවා මෙවර අහිමිවිය. මේ හේතුවෙන් මහින්ද රාජපක්ෂ හැරදා නව රජය සමග එක්වී තම දේශපාලන අනාගතය ගැන සහතික කරගැනීම ඔහුගේ අරමුණ වී ඇත.

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by