Showing posts with label Featured. Show all posts
Showing posts with label Featured. Show all posts

Friday, October 14, 2016

PB denies Presidents Statement


Purawesi Balaya organization has denied the statement of President Maithripala Sirisena on arraigning Former Defense Secretary and Former Navy Commanders was wrong.  

Gamini Viyangoda stated that 6.2 million people voted for Maithripala Sirisena on January 8 were not only SLFP members. Therefore that kind of statement cannot be expected from President. He declared this in a press release today (14).


Although Gotabhaya Rajapaksha and Other Commanders should be legalized to the common law in Sri Lanka, but through the president’s statement that could be negated. PB had done vital role for the victory of President Maithripala Sirisena.  

Saturday, August 8, 2015

දැන් බෙහෝ අය පැත්ත තෝරාගෙන ඇත


දැන් මහ මැතිවරණයට ඇත්තේ සතයකට ආසන්න කාලයක් නිසා බොහෝ දේ වෙනස් වෙමින් ඇත. ඒ වෙනස්වීම් අතර ඇති ප්‍රධානතම දෙය මෙතෙක් තමන්ගේ පැත්ත හංඟාගෙන සිටි බොහෝ දෙනෙක්ට නොදැනීම තමන් පය ගසාගෙන සිටින පැත්ත පෙන්නන්නට සිදුවී තිබීමයි.

   ඇතැම් අයට චෝදනා එල්ලවුණේ රු 1600 ට කඩේ යනවා කියාය, තවත් අයට චෝදනා එල්ලවුණේ කලින් හැංඟූ සල්ලි විසිවුණා කියයා. කෙසේ වෙතත් ඉවසාගන්නට බැරිවම ඇති තැන තමන් නියෝජනය කරන පාට, තමන්ගේ පැත්ත දැන් බොහෝ අය ප්‍රදර්ශනය කර ඇත. මාධ්‍ය ආයතනද එසේමය. මාධ්‍ය ආයතනවල න්‍යාය පත්‍රද වෙනස්වී ඇත. ආණ්ඩුව “දෙරණට“ චෝදනා කරන්නේ මහින්ද රාජපක්ෂට කඩේ යනවා කියාය, එසේම “සිරසට“ බනින්නේ සජිත් උස්සා රනිල්ට ගහනවා කියාය. මෙහි ඇත්ත නැත්ත ඒ නාලිකා බලන ඔබ හොඳාකාරවම දන්නවා ඇත.

  ඒ අතර ප්‍රසිද්ධ චරිතද තමන් පයගසා සිටින පැත්ත හොඳින්ම පෙන්වමින් සිටී. මැතිවරණයේ ඇත්තේ සීතල ගේම් එකකි. එහෙට මෙහෙට පැනිලිවලට වඩා සීතල සටනක් යන බව පෙනෙන්ට ඇත. මහා පරිමාණ ගේම් වලට වඩා පුංචි පුංචි සංග්‍රාමික සාධකවලට වැඩි අවධානය යොමුකරමින් සියළුම පක්ෂ කටයුතු කරන බව පෙනෙන්ට ඇත.

   අමතක නොකල යුතු කාරණය වන්නේ සීරුවට ගලායන ගංදිය යටින් දරුණු සුළි සහ සැඩ පහරද තිබිය හැකි බවයි.


Sunday, July 5, 2015

මෛත්‍රී ජනවාරි 8 ජනවරම පාවා දුන්නාද?


මේ ගතවෙන මොහොතේ පවතින දේශපාලන පිටියේ හැසිරීම ඔබ කිසිදිනක අත්විඳ නැති බවට සැකයක් නැත. යටත් විජිත පාලනයෙන් මිදුන ස්වාධීන දේශපාලන සංස්කෘතියක් ගැන ලංකාවට ඇත්තේ දශක හතරකට ආසන්න අතීතයකි, ඉන් පෙර යටත් විජිත සමයේ ස්වදේශීය පාලනයක් යන්තම් හෝ ගෑවුණු දේශපාලනික වටපිටාවක හෝ මෙවැනි සිදුවීම් සිදුවූ බවක් අසන්නට නැත. ඒ නිසාවෙන් අද අප කියවමින් සිටින්නේ ශ්‍රී ලාංකේය දේශපාලනයේ නවතම කියවීමකි.

   මේ කියවීම තුල හෝරා කීපයකින් වීරයන් ද්‍රෝහීන් බවටත්, ද්‍රෝහීන් වීරයන් බවටත් පත්විය හැකි බව අප ඔබට කල්තබාම කිව යුතුය. ලංකාව එදා සිටම දියසෙන්වරුන් උදෙසා කඳුළු හෙලන ලදි, දහඩිය කැපකරන ලදි. කලක් ඒ දියසෙන් බණ්ඩාරණායක බව සිතන්නට විය, තවත් කලෙක හෙතෙම රණසිංහ ප්‍රේමදාස ලෙස උපකල්පනය කරන්නට විය. තවත් කලෙක ඒ දියසෙන් මහින්ද රාජපක්ෂ ලෙස දකින්නට විය. ඒ දියසෙන්වරුන් නිසාවෙන් රැවටුණු ජනතාව ඉන් ඔබ්බට මෛත්‍රීපාල සිරිසේන තුලින් දියසෙන් සොයන්නට විය. 

   මහින්ද රාජපක්ෂ පාලනය උඩු යටිකුරු වන්නේ 2010 ජනපතිවරණයෙන් පසුවය. බලය කේන්ද්‍රගත කිරීම තුලින් සමස්ථ රාජ්‍ය තන්ත්‍රයම පමණක් නොව ඉහල සිට පහල දක්වා ආයතනික ජාලය, සමාජ සංවිධාන, ආගමික සංවිධාන වැනි එකී නොකී හැම ස්ථරයකම රාජපක්ෂ බූවල්ලාගේ ආක්‍රමණය තුලින් පීඩිත තත්වයකට එළඹ තිබිණි. 2009 යුදමය ජයග්‍රහණයේ උණුසුම තුලින් රාජපක්ෂ පාලනය නොදැනෙන්නට රටම සිය ග්‍රහණයට ගත්තායින් පසුව අධිකරණය,පරිපාලනය යනාදිය එකින් එක පවුල් පරිසරය තුලම සංසරණය වෙද්දී මහින්ද රාජපක්ෂ ඇතුලු සහචරයන් කිසිඳු විටක දේශපාලනික සූරාන්තයට ලඟාවන බවක් පෙනෙන්නට නොවිය. ජනතාවට විකල්පයක් නොවුණු අතර ලැබුණු එකම අවස්ථාව 2015 ජනපතිවරණයයි. 

     ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා ලෙස පැමිණියානම් මහින්ද රාජපක්ෂට ගෙදර ඉඳගෙන ඡන්දය කර ජයගැනීමට හැකියාවක් තිබිණි. ඒ මන්දයත් එවකට රනිල් ට පක්ෂය තුලින්ම තිබුණු විරෝධය නිසාවෙන් සහ රනිල් පරාජයේ සලකුණ මිස ජයග්‍රහණයේ සුභ සලකුණ ලෙස කිසිවෙක් නොදුටුව නිසාය. එවර රනිල් නම්‍යශීලීවී සන්ධානයෙන් පැමිණි ශ්‍රී ලංකාකාරයෙක්ට පොදු අපේක්ෂක තනතුර පිරිනමා ගිරිය කඩාගෙන ගෑහමින් රටපුරා දුවන්නට විය. විටක රනිල් ගැන දුක හිතෙන තරමට රනිල් මැතිවරණය වෙනුවෙන් මහන්සි විය. ඇතැම්විට මෛත්‍රී ද ඉක්මවා රනිල් පුදුමාකාර දුකක් ජනපතිවරණය වෙනුවෙන් වින්දහ. එය තමන්ගේ මැතිවරණයක් මිස මෛත්‍රී ගේ මැතිවරනයක් ලෙස පසෙකට දමා කටයුතු කරන්නට හෙතෙම කිසිවිටකත් නොපෙළඹුනි.

   කෙසේ වෙතත් රනිල් වැපිරූ දේ ප්‍රතිඵල ජනවාරි 8 ලැබුණේය. වසර 12 කට පසු නැවත රනිල්ට අගමැති වන්නට හැකිවීම සහ රාජපක්ෂ පාලනයේ අවසානය දැකීමට හැකිවීම රනිල්ගේ මෙන්ම සමස්ත රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයකි. මෛත්‍රීට ඒ ජයග්‍රහණයේ අගය අදටත් වඩා එදා දැනුන නිසා තමන් පරාජය වූවානම් පොලව යටට යන්නට වනු ඇති බව මුළු මහත් රටටම කියා සිටියහ. ජනවාරි 8 පරාජය කල රාජපක්ෂ දර්ශනය හෝ ඒ භීතිය නැවත රට තුලට කැන්දාගෙන නොඑන්නට බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කලහ. මෛත්‍රී සතුව තිබූ ප්‍රබලම බලයත් එයයි.

   මහින්ද රාජපක්ෂට සන්ධාන ලයිස්තුව තුලින් නාම යෝජනා ලබාදීම පක්ෂයක් ලෙස සාධාරණ තර්කයක් විය හැකිය. එසේම ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන්ට එය විශාල ජයග්‍රහණයක් විය හැක. නමුත් බහුතරයක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කල චරිතයක් නැවත පණ ගැන්වීමට බහුතරයක් ජනතාව විශ්වාසය තැබූ චරිතයම කටයුතු කිරීම තුලින් දුන් ජනවරම පාවාදුන් බවට ඉඟි පලවන සිදුවීමක් ලෙස හැඳින්විය හැක. මහින්ද අගෝස්තු 18 අගමැති වේද, නොවේද කියා අප නොදන්නෙමු. නමුත් එසේ වුවහොත් නැවත වතාවක් යම්තාක් දුරට හෝ රාජපක්ෂ පාලනයකට මේ රට නතුවන බව අප සිහිපත් කරගත යුතුව ඇත. සමස්ථ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් පිටස්තර මෛත්‍රී වෙත තැබූ විශ්වාසය ඔහු රැක්කාද කියන ප්‍රශ්නය ඔවුන් තුල පැන නැගීම සාධාරණය.

   සැළලිහිණි සන්දේශය ලියවෙන්නේ උළකුඩය දේවියට පුතෙක් ලැබෙන්නට ප්‍රාර්ථනා කරමින් එකල මහා ප්‍රාඥයා වූ තොටගමුවේ රාහුල හිමියන් අතිනි. එහිදී සන්දේශ කාව්‍යය තුල යාපා පටුන ජයගත් සපුමල් කුමරු මහ ඉහලින් වර්ණනා කරති, නමුත් අවසානයේ සැළලිහිණි සන්දේශයේ පැතුම වූ උළකුඩය දේවයට උපන් පුත් කුමරා මරා දමන්නේද කවියේ ඉහලින්ම වර්ණනා කල සපුමල් කුමාරයාමය. ඉතිහාසය නැවත සිදුවෙමින් ඇත. තවදුරටත් දේශපාලනය විශ්වාසය තැබිය හැකි මට්ටමක නැත. අද එක්සත් ජාතික පාක්ෂිකයා ඇතුළුව යහපාලනය කෙරෙහි විශ්වාසය තැබූ බොහෝ දෙනෙක් ඉච්ඡාභංගත්වයට පත්වීම සහ ඒ තුලින් මහ මැතිවරණයේදී සරණක් ලබත හැකි පාර්ශවයක් සොයාගත නොහැකිව වෙහෙසෙති. ජනවාරි 8 ජනවරම මෙලෙසින් සිල්ලරට දැමිය යුතු ජන වරමක් නොව. එය වනාහි උග්‍ර රාජ්‍ය ත්‍රස්තවාදය, නින්දිත මඩ, කෝටි ප්‍රකෝටි මුදල් මළු, මෙගා ඩීල් මැදින් තනිකරම ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ලද ජයග්‍රහණයකි. එහි උණුසුම මැකෙන්නටත් පෙර මෙලෙසින් පයින් ගසා දමා දකින්නට උත්සහ කරන පක්ෂ දේශපාලනයේ නින්දිත ස්වර්ග රාජ්‍යය තව දුර බව කිව යුතුමය.

Thursday, January 8, 2015

Snappish of Election commissioner to Rupavahini - මැතිවරණ කොමසාරිස් රූපවාහිනියට කඩාපනී


අද දහවල් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජාතික රූපවාහිනියට හදිස්සියේ පැමිණ එහි සභාපතිවරයා හමුවී උදෑසන විකාශය කල සාවද්‍ය පුවතක් පිළිබඳ සිය පූර්ණ අප්‍රසාදය පලකොට එම පුවත නිවැරදි කර නැවත විකාශය කරන ලෙස නියෝග නිකුත් කරන ලදි. ජාතික රූපවාහිනිය විසින් පොදු විපක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා රජය සමග එක්වූ බව පලකරමින් සිදුකර වැරදි පුවතක් සම්බන්ධයෙන් මෙලෙස කොමසාරිස්වරයාගේ විරෝධය එල්ලවී ඇත.

   පසුව ජාතික රූපවාහිනිය විසින් අදාල පුවත නිවැරදිකොට විකාශය කර ඇතැයි වාර්තාවේ. පසුගිය සමයේ ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ගුවන් විදුලි සේවය දැඩි ලෙස මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතීව කටයුතු කිරීම සම්බන්ධව විවිධ පාර්ශව කොමසාරිස්වරයා දැනුවත් කරත් එයට ප්‍රමාණවත් පියවරක් නොගත් අතර අද දින හෝ මෙලෙස ක්‍රියාකිරීම දැඩිසේ වැදගත් පියවරක් බව විපක්ෂය සඳහන් කරයි.

Discussion

Sports

Featured

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by