Wednesday, April 22, 2015

මෛත්‍රී හා මහින්ද තීරණාත්මක හමුවක්.

12:15 AM


පවතින දේශපාලනික තත්වය හමුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පැවැත්වීමට සූදානම්වන බව වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම අවලංගු කරන ලෙස බලකරමින් ඇරඹි උද්ඝෝෂණ සහ පාර්ලිමේන්තුව තුල විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතා නිසා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සභාගත කිරීමද කල්දමන්නට සිදුවිය.

   එසේම විපක්ෂය ඒ සඳහා සහය නොදෙනබව සැලවීමත් සමගම කඩිනම් මැතිවරණයකට ජනපතිවරයා කැමැත්ත පලකර ඇති බවත් වාර්තා වේ. මෙම කරුණ සාකච්ඡා කිරීමට සහ පවතින ව්‍යාකූල තත්වය සමනයකට පත්කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින් විසින් ජනපතිවරයා සහ හිටපු ජනපතිවරයා අතර හමුවක් සූදානම් කරන බව සඳහන් වේ. එය ආසන්න දිනයකදී පැවැත්වීමට නියමිතය.

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by