Showing posts with label Local. Show all posts
Showing posts with label Local. Show all posts

Friday, October 14, 2016

PB denies Presidents Statement


Purawesi Balaya organization has denied the statement of President Maithripala Sirisena on arraigning Former Defense Secretary and Former Navy Commanders was wrong.  

Gamini Viyangoda stated that 6.2 million people voted for Maithripala Sirisena on January 8 were not only SLFP members. Therefore that kind of statement cannot be expected from President. He declared this in a press release today (14).


Although Gotabhaya Rajapaksha and Other Commanders should be legalized to the common law in Sri Lanka, but through the president’s statement that could be negated. PB had done vital role for the victory of President Maithripala Sirisena.  

Wednesday, August 26, 2015

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් යන්නටම යයිද?


ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් වසර 10ක කාලයක් කටයුතු කල සහ ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් සුවිශේෂී දේශපාලන නායකයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා පවතින දේශපාලන තත්වය නිසාවෙන් දේශපාලනයෙන් විශ්‍රාම යාමට සූදානම්වන බව වාර්තාවේ.

   කෙසේ වෙතත් මේ පිළිබඳ නිල නිවේදනයක් තවමත් වාර්තා වී නොමැති අතර මෙය කටකතාවක් මත පැතිරුණු පුවත්ක්ද යන්න පිළිබඳව නිශ්චිතව සඳහන් නොවේ. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී.ල.නි.ප ය තුල ඔහුගේ බලය ව්‍යාප්ත කිරීම සඳහා දැඩි තීන්දු තීරණ ගැනීම හේතුවෙන් බොහොමයක් මහින්දවාදීන්ට සිදුවන තාඩන පීඩන වලින් ඔවුන් මුදවාගැනීම සඳහා එවැනි තීරණයක් ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති බවට විශ්වාසවන්ත ආරංචිමාර්ග කියා සිටිති.

පරාද වෙලත් නැවත ගෙනාවේ දේශප්‍රේමී පිරිසක් - දඹර අමිල හිමි


සන්ධාන ජාතික ලයිස්තුව තුලින් පරාජිත මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නැවත පාර්ලිමේන්තුවට කැඳවීමෙහි තමන් වරදක් නොදකින බවත්, පාර්ලිමේන්තුව තුල අවශ්‍යයෙන්ම සිටිය යුතු කිහිප දෙනෙක් එලෙස නැවත ජාතික ලයිස්තුව තුලින් පත්කිරීම ජනපතිවරයාගේ කාලෝචිත පියවරක් ලෙස තමන් විශ්වාස කරන බව දඹර අමිල හිමි පවසයි.

“මේ පරාජයට පත්වුණු පිරිස ඇත්ත වශයෙන්ම පරාජයට පත්විය යුතු දේශපාලඥයින් පිරිසක් නෙවෙයි, පරාජිතයන් වූ පමණින් එකම වල්ලට දාලා තීරණය නොකල යුතුයි. පරාජිත වූවත් දූෂිතයන් නොවේනම් පාර්ලිමේන්තුව තුලට පැමිණිය යුතුය, ජයග්‍රහණය කලත් දූෂිතයන්නම් වරප්‍රසාද නොදිය යුතුයි“
එසේම පරාජයට පත්වුණු පිරිස රටට වැඩක් කල දේශප්‍රේමී පිරිසක් බවත්, ඔවුන් වෙනුවෙන් ගන්නා ලද පියවර ජනතාවාදී බවත් වැඩිදුරටත් සඳහන් කලහ.

Tuesday, August 25, 2015

ජ.වි.පෙ න් තව 10 ක් වත් ආවනම් බොහොම වටිනවා - හරීන් ප්‍රනාන්දු


පසුගිය මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් තවත් මන්ත්‍රීවරුන් 10ක් වත් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නම් එය ඉතාමත් වටිනා තත්වයක් වනු ඇතැයි පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කලහ.

දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට සහභාගීවෙමින් හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව ඉතා ප්‍රබල බවයි. ඒ නිසාවෙන් ඔවුන් 6 දෙනෙක් පමණක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම එතරම් හොඳ තත්වයක් නොවන බව කියා සිටියේය.

මැතිවරන සමය තුල මළසිරුරු ගොඩගැනීම්, ලිපි එවීම් නිසා එක්සත් ජාතික පක්ෂයට යම් වාසියක් සිදුවූ බව තමන් පිළිගන්නා බවද එතුමන් වැඩිදුරටත් කරුණ දැක්වීය.

Monday, August 24, 2015

ඡන්දෙන් පස්සෙත් මළමිනී ගොඩගන්නා ලකුණු


මීට වසර කීපයකට පෙර රිය අනතුරකින් මියගිය කැළණිය විශ්වවිද්‍යාලයේ ජානක සහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසිත යන අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයන් දෙදෙනාගේ මරණයට අදාල සිදුවීම සැක සහිතබව සඳහන් කරමින් එම පරීක්ෂණය නැවත බලගන්වන ලෙස ඉල්ලා සිටිමින් අන්තරය අපරාද පරීක්ෂණ අංශවෙත පැමිණිලි කර ඇත.

අදලා සිදුවීමට සම්බන්ධ සාක්ෂි අපහැදිලි බවත්, අදාල අනතුර සැක සහිත බවත් සඳහන් කරමින් නැවත පරීක්ෂණ ආරම්භකරන ලෙසයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉල්ලා සිටින්නේ. 
කෙසේ වෙතත් බොහෝවිට නැවත එම ශිෂ්‍යයන් දෙදෙනාගේ මරණවලට අදාල පරීක්ෂණ සිදුවනු ඇති බව ශිෂ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කර ඇත්තේ.

Sunday, August 23, 2015

මට සන්ධානය ගැන බොහොම කණගාටුයි - හිරුණිකා


ජාතික ලයිස්තුව නම් කිරීමත් සමගම තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය පිළිබඳ දැඩි කණගාටුවක් ඇතිවූ බව තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියි. මහජන ඡන්දයෙන් පරාජයට පත්වූ දේශාපලඥයන් වැඩි පිරිසක් ජාතික ලයිස්තුව වැනි තීරණාත්මක ලයිස්තුවකින් නැවත පාර්ලිමේන්තුවට ගෙනඒමට කටයුතු කිරීම තුලින් සන්ධානය ඉතා පහත් තත්වයට වැටී ඇති බව ඇගේ අදහසයි.

   තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලැබුණේ මැතිවරණයට සතියක් පමණ තිබියදී බවත්, එසේම තමන්ට තරඟ කරන්නට සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයේ හොඳම ලයිස්තුව සමග වීමත් නිසා තමන්ට විශාල අභියෝගයක් තිබූ බවත්, එය ජයගෙන පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවීම ගැන අවංකවම සතුටුවන බව ඇය සඳහන් කලහ.

   එසේම ශ්‍රී.ල.නි.ප යේ වර්තමාන තත්වය ගැන තමන් අතීතයේ නියෝජනය කල පක්ෂය ලෙස දැඩි කණගාටුවක් හා කලකිරීමක් ඇති බව ඇය කියා සිටියි.

Saturday, August 22, 2015

මනාප ගනිද්දි මට විශාල අසාධාරණයක් වුණා, ඒ නිසා නැවත ගණිනවා - රෝසි සේනානායක


මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මනාප ඡන්දය ගණනය කිරීමේදී කිසියම් අත්වැරැද්දක් හෝ මගහැරීමක් සිදුව ඇති බවත් එයින් තමාට විශාල අසාධාරණයක් සිදුව ඇති බව හිටපු ඇමතිනී රෝසී සේනානායක මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියි.

   මැතිවරණ දිනයේදී ලැබුණ තොරතුරු සහ ඡන්දපොල නියෝජිතයින්ගේ තොරතුරු වලට අදාල මනාප ඡන්ද සංඛ්‍යාව සහ අවසන් මනාප ප්‍රතිඵලයට අදාල තමන්ග් මනාප සංඛ්‍යාව අතර දැඩි පරතරයක් ඇති බව ඇය කියා සිටියි. එ් අනුව කොළඹ දිස්ත්‍රික්කයේ එ.ජා.ප මනාප නැවත ගණන් කිරීමට තමන් ඉල්ලා සිටින බව ඇය අවධාරණය කරයි.
   කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් එ.ජා.ප යට මන්ත්‍රී ධූර 11 ක් හිමිවූ අතර ඒ ලයිස්තුවේ අවසන් ස්ථානය හිමිවුයේ මනෝ ගනේෂන් මහතාටය, රෝසි සේනානයක මහත්මියගේ මනාප සහ මනෝ ගනේෂන්ගේ මනාප අතර මනාප හාර දහසකට ආසන්න වෙනසක් පවතියි. කෙසේ වෙතත් අවශ්‍යනම් මනාප නැවත ගණන් කිරීමට තමන් සූදානම් බව මැතිවරණ කොමසාරිස්වරයාද මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

Friday, July 10, 2015

යහපාලනයේ ප්‍රබලයෝ හෙට අලුත් සන්ධානයකට අලියා ලකුණින්?


මේ දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාම යෝජනා අත්සන් කර නොමැති මෛත්‍රී හිතවාදීන් වන රාජිත සේනාරත්න,එම්.ඩී.එස්.ගුණවර්ධන,සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර,හේමාල් ගුණසේකර ඇතුළු හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් හෙට බිහිවන “යහපාලනය උදෙසා ජාතික පෙරමුණ“ නැමති පක්ෂයෙන් සන්ධානගතව තරඟවැදීමට නියමිත බව වාර්තා වේ. බොහෝවිට හෙටදින එම සන්ධානය පිළිබඳ අවසන් තීරණය ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වේ.

    එසේම අතුරලියේ රතන හිමි,අර්ජුන රණතුංග, පාඨලී චම්පික රණවක, සෝමවංශ අමරසිංහ, ශිරාල් ලක්තිලක ද මෙම සන්ධානය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන් වේ. ඉදිරියේදී ශ්‍රී.ල.නි.ප නියෝජනය කල මහජන නියෝජිතයින් 30කට ආසන්න පිරිසක්ද අදාල නව සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වේ.

Thursday, July 9, 2015

සමුගන්නවා යැයු කියූ සනත් ජයසූරිය මැතිවරණයට?


පසුගිය දිනවල දේශපාලනයෙන් සමුගන්නවා යැයි ප්‍රකාශකල හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය නැවත මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා සූදානමක් පවතින බව වාර්තා වේ. ශ්‍රී.ල.නි.ප මාතර ආසන සංවිධායක ධූරයෙන්ද ඉවත්වීමට කටයුතු කරන බවට වාර්තා වුවත් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කල සියළුම මන්ත්‍රීවරුන්ට නැවත නාමයෝජනා ලැබෙන බවට සන්ධානයෙන් දැල්වූ කොළ එලිය සමග සනත් නැවත මැතිවරණයට ඉදිරිපත් වන්නට බලාපොරොත්තුවන බව දැනගන්නට ලැබේ.

   ඒ වෙනුවෙන් අද (09) මාතර අප්‍රසිද්ධ ස්ථානයක සිය සගයන් සමග විශේෂ රැස්වීමක් සූදානම් කර ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් පසුගිය සමයේ මහින්ද පාර්ශවයෙන් ඉවත්ව පැවති රජයේ තනතුරු ලබාගැනීමත් සමග පාක්ෂිකයන් මෙන්ම සගයන්ද ජයසූරියගෙන් ඉවත්වූ ආකාරය දක්නට ලැබුණි.

කමල් අද්දරආරච්චි දේශපාලනයට


ජනප්‍රිය සහ දක්ෂ නළුවෙක් වන කමල් අද්දරආරච්චි දේශපාලනයට පිවිසීමට සූදානම් බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟවැදීමට ඔහු අපේක්ෂාකරන බව ඔහුගේ හිතවතුන් සඳහන් කරයි.

   ජයන්ත චන්ද්‍රසිරිගේ “ගරිල්ලා මාකටින්“ චිත්‍රපටයෙන් දැඩි ලෙස විවේචනය කල වත්මන් දේශපාලන සන්දර්භයට එම චිත්‍රපටයේම රංගනයෙන් දායක වුන කමල් යොමුවීම දෛවයේ සරදම් ලෙස සටහන් කල හැක.

Wednesday, July 8, 2015

මහින්ද - මෛත්‍රී සමගියෙන් පෙරට යනවා - අනුර ප්‍රියදර්ශන


එළඹෙන මහ මැතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ නාම යෝජනා ලබාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීමට නියමිත බවත්, පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිඳු කොන්දේසියකින් තොරව ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බව සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

  “පක්ෂය තුල කිසිම ගැටුමක් නෑ, කල්ලිවාදය නැහැ. ජනාධිපතිතුමා පක්ෂ නායකයා විදියට මැතිවරණය මෙහෙයවනවා, හිටපු ජනාධිපතිතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනවා..ඒකේ කිසිම ගැටළුවක් නෑ“

එහිදී අදහස් දැක්වූ ශ්‍රී.ල.නි.ප මහලේකම් අනුර ප්‍රියදර්ශන මහතා පැවසුවේ මෛත්‍රී - මහින්ද සුසංයෝගය සහයෝගයෙන් පෙරට යන බවත්, ඉදිරි මැතිවරණයේදී දූෂණ චෝදනා ලැබූ කිහිප දෙනෙක්ට පමණක් නාම යෝජනා හිමි නොවන බවය.

UNP එක මහින්ද රාජපක්ෂ නමටත් බයයි


මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට සන්ධානයෙන් ඉදිරිපත්වන බව දැන එක්සත් ජාතික පක්ෂය දණින් වැටී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශකර සිටියි. එක්සත් ජාතික පක්ෂය තවමත් මහින්ද රාජපක්ෂ නමටත් බය නිසාවෙන් මරු විකලෙන් මෙන් මේ මොහොතේ කටයුතු කරමින් සිටින බව එතුමන් ප්‍රකාශ කරයි.

    මහින්ද රාජපක්ෂ මහතා සමග තරඟකර තමන්ට ජයගත නොහැකි බව දන්නා එක්සත් ජාතික පක්ෂය මේ වනවිට විවිධ කටකතා පැතිරවූවත් නිසැක ජයක් වෙනුවෙන් මහින්ද සමග ඒකවීමේ අරමුණින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව සූදානමින් සිටින බව අබේගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

අකිල විරාජ් ගෙන් මහින්ද රාජපක්ෂට අභියෝගයක්!


ඉදිරි මහ මැතිවරණයේදී හැකිනම් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්වී ජයග්‍රහණය කර පෙන්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමන් අභියෝග කරන බව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

   හිටපු ජනපතිවරයෙක් නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මැතිවරණයට පැමිණීමේදී ලබාදෙන ගරු පහසුකම් අඩුකල යුතුබවට තමන් යෝජනා කරන බවත් එසේ නොවේනම් අනෙක් අපේක්ෂකයන්ටද අදාල පහසුකම් ලබාදිය යුතුබව හෙතෙම වැඩිදුරටත් සඳහන් කලහ.

විනිසුරු සරත් ආබෘ ගැන වැඩිදුරටත් විමසීම්


නිවසේ මෙහෙකාරියට පහරදීම්,සාපරාධී බියගැන්වීම් සහ බරපතල ලිංගික අඩත්තේට්ටම් යටතේ චෝදනා ලැබ සිටින ශ්‍රේෂාධිකරණ විනිසුරු සරත් ආබෘට ඇප ලබාදීමට අධිකරණය තීරණය කරන ලදි.

   එනමුත් අදාල සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකර විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපති උපදෙස් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

Monday, July 6, 2015

ජයසූරිය නවතින්නට තීරණය කරයි


හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. පසුගිය සමයේ නව රජය සමග එක්වීම නිසාවෙන් ශ්‍රී.ල.නි.ප යේ උදහසට ලක්වීම නිසාවෙන් මෙම තීරණය ගන්නට ඇතැයි වාර්තාවේ.

   පසුගිය මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ එ.ජ.නි.ස ලයිස්තුවේ වැඩිම මනාප ලාභියා වූ හෙතෙම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතෙක් විය. එහෙම පසුගිය ජනපතිවරණ සමයේ ඔහුගේ ක්‍රියාකාරිත්වය දැඩිසේ විවේචනයට ලක්වූ අතර නව රජය සමග එක්වීමෙන් පසුව ඔහුගේ ඡන්ද පදනම දැඩි ගරාවැටීමකට ලක්විය.

   එසේම ඔහු දැනට දරණ මාතර ආසනයේ ශ්‍රී.ල.නි.ප සංවිධායක තනතුරෙන්ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා ලැබූවන්ට අවස්ථාව නොදේ



පසුගිය රජය සමයේ චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් කිහිප දෙනෙක්ටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලයිස්තුවෙන් නාම යෝජනා ලබා නොදීමට එහි සභාපතිවරයා වන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. 

   ඒ අනුව රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජීන් ද වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා, මර්වින් සිල්වා සහ මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බොහෝ දුරට මෙවර නාම යෝජනා හිමිනොවනු ඇත.

   යහපාලනය පදනම් කරගෙන ජනාධිපතිවරණය අතරතුර මෛත්‍රී පාලනයක් උදෙසා ලබාදුන් පොරොන්දු අතර දූෂණ වංචා වෙනුවෙන් චෝදනා ලද මැති ඇමතිවරුන්ට නාම යෝජනා ලබා නොදෙන ලෙසට ප්‍රබල හඬක් නැගුනි.

Sunday, July 5, 2015

ජනතා විමුක්ති පෙරමුණ හොඳ මීයෝ අල්ලන්න - මංගල


ඉදිරියේදී පිහිටුවීමට නියමිත එ.ජා.ප රජයක තනිවම බලය පිහිටුවීමට හැකිවුවත් ඒ සඳහා එක්වන ලෙස අනෙකුත් පක්ෂවලටද තමන් ආරාධනා කරන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන ලදි. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණටද තමන් ආරාධනා කර ඇති බවත්, ඔවුන්ගේ අදහස වන්නේ විපක්ෂයේ සිට රජයේ වැරදි විවේචනය කිරීම බවත් සඳහන් කලහ.

“අපි ජනතා විමුක්ති පෙරමුණටත් ආරාධනා කලා. ඒත් එයාලට ඕන විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවේ හොරකම් හොයන්න..ඔව් එයාලට ගැලපෙන්නේ ඒක තමයි..ජනතා විමුක්ති පෙරමුණ කොහොමත් මීයෝ අල්ලන්න දක්ෂයි“

එසේම වැඩි දුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා පවසා සිටියේ අගෝස්තු 17 වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබාගනිමින් එ.ජා.ප රජයක් පිහිටුවීම අනිවාර්යය බවය.

මෙවර මැතිවරණ නීති තදයි..ජූලි 06 සිටම ක්‍රියාත්මකයි



මහ මැතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මකවන මැතිවරණ නීති හෙට සිටම (ජූලි 06) ක්‍රියාත්මක වන බවත්, මෙවර මැතිවරණ නීති වෙනදාට වඩා තදින් ක්‍රියාත්මක කිරීමට තමන් අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශකර සිටියි.

ඒ අනුව
  • රාජ්‍ය උත්සව වලදී ජාතික කොඩිය සහ පළාත්, ප්‍රාදේශිය කොඩි එසවීම හැර වෙනත් දේශපාලන පක්ෂ හෝ සංකේත නිරූපණය වන කොඩි එසවීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර පාසල් හෝ රාජ්‍ය ආයතනවල උත්සව වලදී දේශපාලන කතා පැවැත්වීමද තහනම්වේ.
  • රජයේ අඩක් වැඩ නිමකල ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම හෝ පවත්වාගෙන යාමට බාධාවක් නැති අතර, නව ව්‍යාපෘති ඇරඹීම හෝ දේශපාලන වාසි තකා ආධාර බෙදාදීම තහනම්ය.
  • මැතිවරණය උදෙසා රාජ්‍ය දේපල භාවිතා කිරීම තහනම් වන අතර ඒ සඳහා බලපවත්නා නීතී රීති එලෙසින්ම ක්‍රියාත්මකවේ. ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ සෘජු අධීක්ෂණයද යොමුවනු ඇත.
  • එසේම මැතිවරණ සමයේ ආගමික ස්ථානවල මැතිවරණ කතා සහ උත්සව පැවැත්වීමද සපුරා තහනම් වේ.

S.B නාවින්නගෙන් එ.ජා.ප යට පිම්මක්


කුරුණෑගල දිස්ත්‍රික් එකසත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී.නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරි මැතිවරණයට තරඟ කීරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

   සන්ධාන රජයේ අමාත්‍යධූර ගණනාවක් දැරූ එතුමන් අනූව දශකයේ සිට ශ්‍රී.ල.නි.ප නියෝජනය කරමින් වාරියපොල මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබලතම චරිතයක් ලෙස කටුයුතු කරමින් සිටී. ඒ මහතාගේ මෙම දේශපාලන තීරණයට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නොවන අතර මහ මැතිවරණය වෙනුවෙන් සිදුවන පළමුවෙන් පිල් මාරුවෙ ලෙස මෙය වාර්තා පොත් වලට ඇතුලත්වනු ඇති. එසේම පසුගිය ජනාධිපතිවරණය ඉතිහාසයේ වැඩිම පිල්මාරුවක් සිදුවූ මැතිවරණය ලෙස ඉතිහාසයට එක්ව ඇත.

Saturday, July 4, 2015

ඉස්සරහට සුළං තදයි



නිරිත දිග මෝසම් සුළං තත්වය වර්ධනය වීම සහ කාළගුණික වෙනස්වීම අනුව ඉදිරි දින කීපය තුල ශ්‍රී ලංකාව හරහා හමන සුළං ප්‍රවාහයේ වේගයේ අසාමාන්‍ය වර්ධනයක් සිදුවිය හැකි බව කාළගුණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

  විශේෂයෙන්ම බස්නාහිර,මධ්‍යම,දකුණ,සබරගමුව වැනි පළාත්වලට සහ ගාල්ල,මාතර වැනි ප්‍රදේශවලට අධික වැසි සමග දැඩි සුළං තත්වයක් අපේක්ෂාකල හැකි බව වාර්තා කරයි. සවස් භාගයේදී මෙම තත්වය බලාපොරොත්තුවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Discussion

Sports

Featured

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by