Thursday, June 4, 2015

පාර්ලිමේන්තුව විසුරවා හරින්න - කථානායක

10:00 AM


ඊයේ (03) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන යොමු කල ප්‍රශ්නයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුර ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු සභාගැබ තුල ඝෝෂා කරන්නට විය. ඒ මොහොතේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හැකිනම් පාර්ලිමේන්තුව විසුරවීමට යෝජනාවක් කරන ලෙස විපක්ෂයට අභියෝග කරන ලදි.

   එම මොහොතේ විපක්ෂ මන්ත්‍රීවරුන් කීපදෙනෙක්ම නැගීසිට එම යෝජනාව සිදුකල අතර ඇතැම් මන්ත්‍රීවරුන් ඡන්දයක් අනවශ්‍ය බව ප්‍රකාශකර අසුන්ගෙන සිටියහ. එහෙත් පසුප බොහෝ දෙනෙක් නැගීසිටි අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද නැගීසිටිමින් ඡන්දයක් අවශ්‍ය බව පවසා සිටියහ. 

   ඒ මොහොතේ අදහස් දැක්වූ කථානායක චමල් රාජපක්ෂ මහතා සභාගැබ තුල මන්ත්‍රීවරුන් නැගීසිටින්නේ කුමකටදැයි තමා හරියාකාරව නොදන්නා බවත් තමන් යෝජනා කරන්නේද පාර්ලිමේන්තුව විසුරවාහැරීමට බව ප්‍රකාශ කලහ. පාර්ලිමේන්තුව විසුරවීමේ බලය ඇත්තේ ජනපතිවරයාට වන අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන තෙක් මැතිවරණයකට නොයාසිටීමට ජනපතිවරයා උත්සහ කරන බව පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් අර්බුදකාරී තත්වය මත පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම දිගින් දිගටම අසීරුබව දැකිය හැක.

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by