Wednesday, July 1, 2015

චන්ද්‍රිකාත් මහ ඡන්ද හටනට

9:15 AM


හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තාවේ. එතුමියගේ ලේකම් පී.දිසානායක මහතා පවසා සිටින්නේ එම වාර්තාව සත්‍ය බවත් මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලයිස්තුවෙන් ඇය තරඟ කිරීමට නියමිත බවයි.

   පසුගිය දිනක මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තමන්ට බලයට කෑදරකමක් නොමැති බවත්, එනිසා මැතිවරණයට ඉදිරිපත්වීමට කිසිසේත්ම අදහසක් නොමැති බව ප්‍රකාශ කල ඇය එම ප්‍රකාශය කර පැය 24ක් යන්නටත් මත්තෙන් අදාල තීරණය වෙනස් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගේ සුපුරුදු ගති ලක්ෂණ නැවත මතුව ඇති බව පෙනී යයි.

   කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට පක්ෂයෙන් නාම යෝජනා ලැබෙන බවට ආරංචි මාර්ග සැලවීමත් සමග ඇයගේ තීරණය වෙනස්ව ඇති බව සඳහන්වේ.

   සිය සැමියාගේ වියෝවෙන් පසු ශ්‍රී ලංකා මහජන පක්ෂය දිවි හිමියෙන් රකින බවට ප්‍රතිඥා දී පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිය මව සමග එක්ව 1993 දී බස්නාහිර පළාත් මහඇමතිවරයි ලෙසද පසුව 1994 ජනපතිවරියද බවට පත්වූ ඇය මෙවර මහ මැතිවරණයේදී කෙලෙස හැසිරෙනු ඇතිද යන්න දේශපාලන විචාරකයින් අවධානයෙන් සිටිති.

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by