Wednesday, July 1, 2015

මහින්ද ගේන්නට පිරිස තංගල්ලට යති.. මහින්දගෙන් විශේෂ ප්‍රකාශක් අද

9:31 AM


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී.ල.නි.ප න් මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලැබෙන වටපිටාවක අද(07) සන්ධානය නියෝජනය කරන පක්ෂ ඔහුට ආරාධනා කිරීමේ අභිප්‍රායෙන් අද තංගල්ල කාල්ටන් නිවසට වාහන පෙලපාලියකින් ගමන් කිරීමට නියමිත බව වාර්තාවේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් මහ ඇමතිවරුන් මන්ත්‍රීවරුන්, පළාත් පාලන හිටපු නියෝජිතයින් ප්‍රමුඛ විශාල පිරිසක් ඒ සඳහා සහභාගීවන බව වාර්තාවේ.

    අද උදෑසන දෙවිනුවර ශ්‍රී උපුල්වන් දේවාලයේ ආශිර්වාද ලබාගෙන පිරිස රථ පෙරහැරකින් කාල්ටන් නිවස වෙත ගොස් මහින්දට සහය පැතීමට අපේක්ෂා කරති. එසේම අද කාල්ටන් නිවසේදි මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක්ද කිරීමට නියමිතය. ඊයේ රාත්‍රී මිරිහානේදී පැවති සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ගත් අවසන් තීන්දු පිළිබඳවද එහිදී සඳහන්වනු ඇත.



0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by