Wednesday, July 1, 2015

මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට

2:41 PM


අද වීරකැටිය මැදමුලනට රැස්වූ දහස් සංඛ්‍යාත ජනතාව ආමන්ත්‍රණය කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ මුළු මහත් ජනතාවගේ දයාබර ඉල්ලීම් තමාට කිසි ලෙසකවත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බවත්, දිනූ රට තවදුරටත් රැකීමේ වගකීම තමන් වෙතත් පැවරී ඇති බැවින් ඉදිරි මහ මැතිවරණයට ජනතා ආශිර්වාදයෙන් තරඟ කිරීමට තමන් සූදානම් බවත්ය.

   අධි ඇසල පොහොය දින මැදමුලන නිවසේ පැවති ධර්ම දේශනාව අවසන් වීමෙන් පසු මාතර දෙවිනුවර සිට මැදමුලනට රථ පෙරහැරකින් පැමිණි මහජන නියෝජිතයන් ප්‍රමුඛ ජනතාව අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ තමන් ජනවාරි 8 ජනතමයට හිස නමමින් නික්ම ගියත් ඉන් අනතරුව තමන් සහ පවුල ඇතුලු තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව ඉලක්ක කරගෙන වත්මන් පාලනය කටයුතු කල ආකාරයෙන් තමන්ගේ ස්ථාවරය වෙනස් කරගත් බවය.

   දිනූ දේශය නැවත අනතුරෙහි හෙලිය නොහැකි නිසාත්, දහස් ගණනකගේ ජීවිත කැපකර ලබාගත් නිදහස පාවාදීමට එරෙහිව තමන් නැවත නැගී සිටින බවට එතුමන් ප්‍රකාශ කලහ.


1 Comments:

  1. මහින්ද එන එක හොඳයි

    ReplyDelete

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by Templateism