Showing posts with label Election 2014. Show all posts
Showing posts with label Election 2014. Show all posts

Wednesday, July 1, 2015

මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට


අද වීරකැටිය මැදමුලනට රැස්වූ දහස් සංඛ්‍යාත ජනතාව ආමන්ත්‍රණය කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ මුළු මහත් ජනතාවගේ දයාබර ඉල්ලීම් තමාට කිසි ලෙසකවත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බවත්, දිනූ රට තවදුරටත් රැකීමේ වගකීම තමන් වෙතත් පැවරී ඇති බැවින් ඉදිරි මහ මැතිවරණයට ජනතා ආශිර්වාදයෙන් තරඟ කිරීමට තමන් සූදානම් බවත්ය.

   අධි ඇසල පොහොය දින මැදමුලන නිවසේ පැවති ධර්ම දේශනාව අවසන් වීමෙන් පසු මාතර දෙවිනුවර සිට මැදමුලනට රථ පෙරහැරකින් පැමිණි මහජන නියෝජිතයන් ප්‍රමුඛ ජනතාව අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ තමන් ජනවාරි 8 ජනතමයට හිස නමමින් නික්ම ගියත් ඉන් අනතරුව තමන් සහ පවුල ඇතුලු තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව ඉලක්ක කරගෙන වත්මන් පාලනය කටයුතු කල ආකාරයෙන් තමන්ගේ ස්ථාවරය වෙනස් කරගත් බවය.

   දිනූ දේශය නැවත අනතුරෙහි හෙලිය නොහැකි නිසාත්, දහස් ගණනකගේ ජීවිත කැපකර ලබාගත් නිදහස පාවාදීමට එරෙහිව තමන් නැවත නැගී සිටින බවට එතුමන් ප්‍රකාශ කලහ.


Friday, January 9, 2015

Thursday, January 8, 2015

Postal votes results from 10pm onward - තැපැල් ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 10 සිට


ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සවස 4 ට අවසන් වූ අතර සමස්ථයක් ලෙස ඡන්ද ප්‍රකාශ කිරීම 70-73% මට්ටමක පැවතිනි. උතුරු පළාතේ දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රකාශ කිරීම 2010ට වඩා මදක් වැඩිවී ඇති අතර සාපේක්ෂව අනෙකුත් දිස්ත්‍රික්කවල කැපී පෙනෙන අඩුවීමක් දක්නට ඇත.

   තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹා ඇති අතර එම ප්‍රතිඵල රාත්‍රී 10 සිට විකාශය කිරීමට නියමිතය.

Snappish of Election commissioner to Rupavahini - මැතිවරණ කොමසාරිස් රූපවාහිනියට කඩාපනී


අද දහවල් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජාතික රූපවාහිනියට හදිස්සියේ පැමිණ එහි සභාපතිවරයා හමුවී උදෑසන විකාශය කල සාවද්‍ය පුවතක් පිළිබඳ සිය පූර්ණ අප්‍රසාදය පලකොට එම පුවත නිවැරදි කර නැවත විකාශය කරන ලෙස නියෝග නිකුත් කරන ලදි. ජාතික රූපවාහිනිය විසින් පොදු විපක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා රජය සමග එක්වූ බව පලකරමින් සිදුකර වැරදි පුවතක් සම්බන්ධයෙන් මෙලෙස කොමසාරිස්වරයාගේ විරෝධය එල්ලවී ඇත.

   පසුව ජාතික රූපවාහිනිය විසින් අදාල පුවත නිවැරදිකොට විකාශය කර ඇතැයි වාර්තාවේ. පසුගිය සමයේ ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ගුවන් විදුලි සේවය දැඩි ලෙස මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතීව කටයුතු කිරීම සම්බන්ධව විවිධ පාර්ශව කොමසාරිස්වරයා දැනුවත් කරත් එයට ප්‍රමාණවත් පියවරක් නොගත් අතර අද දින හෝ මෙලෙස ක්‍රියාකිරීම දැඩිසේ වැදගත් පියවරක් බව විපක්ෂය සඳහන් කරයි.

Wednesday, January 7, 2015

Opposition leaders rounding up BMICH - විපක්ෂයේ නායකයින් බණ්ඩාරණායක සමරු ශාලාව වටලයි..


කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ දෙවනි කොටස තුල රජයේ නියෝජිතයින් මැතිවරණය සම්බන්ධව රහස් කටයුත්තක නිරතවේ යැයි ලද තොරතුරක් මත විපක්ෂයේ දේශපාලන නායකයින් හදිස්සියේම අදාල ස්ථානයට වැටලීමක් සිදුකොට ඇත. ආරක්ෂක අංශවල සහයද මේ සඳහා ලබාගෙන ඇතැයි වාර්තා වේ. 

Discussion

Sports

Featured

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by