Showing posts with label Latest. Show all posts
Showing posts with label Latest. Show all posts

Wednesday, July 1, 2015

මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට


අද වීරකැටිය මැදමුලනට රැස්වූ දහස් සංඛ්‍යාත ජනතාව ආමන්ත්‍රණය කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ මුළු මහත් ජනතාවගේ දයාබර ඉල්ලීම් තමාට කිසි ලෙසකවත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බවත්, දිනූ රට තවදුරටත් රැකීමේ වගකීම තමන් වෙතත් පැවරී ඇති බැවින් ඉදිරි මහ මැතිවරණයට ජනතා ආශිර්වාදයෙන් තරඟ කිරීමට තමන් සූදානම් බවත්ය.

   අධි ඇසල පොහොය දින මැදමුලන නිවසේ පැවති ධර්ම දේශනාව අවසන් වීමෙන් පසු මාතර දෙවිනුවර සිට මැදමුලනට රථ පෙරහැරකින් පැමිණි මහජන නියෝජිතයන් ප්‍රමුඛ ජනතාව අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ තමන් ජනවාරි 8 ජනතමයට හිස නමමින් නික්ම ගියත් ඉන් අනතරුව තමන් සහ පවුල ඇතුලු තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව ඉලක්ක කරගෙන වත්මන් පාලනය කටයුතු කල ආකාරයෙන් තමන්ගේ ස්ථාවරය වෙනස් කරගත් බවය.

   දිනූ දේශය නැවත අනතුරෙහි හෙලිය නොහැකි නිසාත්, දහස් ගණනකගේ ජීවිත කැපකර ලබාගත් නිදහස පාවාදීමට එරෙහිව තමන් නැවත නැගී සිටින බවට එතුමන් ප්‍රකාශ කලහ.


චන්ද්‍රිකාත් මහ ඡන්ද හටනට


හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තාවේ. එතුමියගේ ලේකම් පී.දිසානායක මහතා පවසා සිටින්නේ එම වාර්තාව සත්‍ය බවත් මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලයිස්තුවෙන් ඇය තරඟ කිරීමට නියමිත බවයි.

   පසුගිය දිනක මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තමන්ට බලයට කෑදරකමක් නොමැති බවත්, එනිසා මැතිවරණයට ඉදිරිපත්වීමට කිසිසේත්ම අදහසක් නොමැති බව ප්‍රකාශ කල ඇය එම ප්‍රකාශය කර පැය 24ක් යන්නටත් මත්තෙන් අදාල තීරණය වෙනස් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගේ සුපුරුදු ගති ලක්ෂණ නැවත මතුව ඇති බව පෙනී යයි.

   කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට පක්ෂයෙන් නාම යෝජනා ලැබෙන බවට ආරංචි මාර්ග සැලවීමත් සමග ඇයගේ තීරණය වෙනස්ව ඇති බව සඳහන්වේ.

   සිය සැමියාගේ වියෝවෙන් පසු ශ්‍රී ලංකා මහජන පක්ෂය දිවි හිමියෙන් රකින බවට ප්‍රතිඥා දී පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිය මව සමග එක්ව 1993 දී බස්නාහිර පළාත් මහඇමතිවරයි ලෙසද පසුව 1994 ජනපතිවරියද බවට පත්වූ ඇය මෙවර මහ මැතිවරණයේදී කෙලෙස හැසිරෙනු ඇතිද යන්න දේශපාලන විචාරකයින් අවධානයෙන් සිටිති.

Thursday, June 4, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේ අවුල් ගොඩයි


වත්මන් දේශපාලන තත්වය පිළිබඳ තම පක්ෂයේ මතය ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාව අතරතුර මාධ්‍යෙව්දීන් වෙත ලබාදුන් පොතක් නිසාවෙන් එම මාධ්‍ය හමුව අවුල් ජාලාවක් බවට පත්විය. පැවති මහින්ද රාජපක්ෂ පාලනය විවේචනය කරමින් ශ්‍රී.ල.නි.ප රැකගැනීම පිළිබඳ සඳහන් කරමින් බෙදාහරින ලද එම පොත කැලෑ පත්තරයක් බවද ප්‍රකාශ විය. එහිදී අදහස් දැක්වූ සන්ධාන මහලේකම් සහ ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කලේ තමන් එම පොත ගැන කිසිවක් නොදන්නා බවත් එවැනි පොතක් පක්ෂයේ නායකයන් නොදැනුවත්ව ඉදිරිපත් කිරීම වැරදි බවයි. එවැනි දේ සිදුවේනම් තමන් කිසිවිටක පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවන් සඳහා තවදුරටත් සහභාගී නොවන බව පැවසීය.

   තවද මෙම පොත පලකර ඇත්තේ පක්ෂයේ මහලේකම් වන අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේද අනුදැනුමෙන් තොරවීම විමතියට කරුණක් ලෙස සඳහන් කල හැක. පක්ෂයේ මධ්‍ය අංශය නියෝජනය කරමින් තිලංග සුමතිපාල මහතා අදහස් කලේ මෙය පක්ෂයේ අනුදැනුම මත පලකරන ලද පොතක් බවත්ය. කෙසේ වෙතත් මෙවැනි පරස්පර විරෝධී මත නිසාවෙන් ශ්‍රී.ල.නි.ප මාධ්‍ය සාකච්ඡාව උණුසුම් වූවා මිස පක්ෂයේ මත දැක්වීම් සිදුකිරීමට එතරම් ඉඩක් නොලැබුණි. 

Monday, June 1, 2015

මහින්ද ශ්‍රී.ල.නි.ප නායකයා කල යුතුයි.


මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ඉවත්කර නැවත මහින්ද රාජපක්ෂ මහතා එහි නායකයා බවට පත්කල යුතු බව ඊයේ ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප මහජන නියෝජිතයන්ගේ හමුවේදී ඒකමතිකව යෝජනාවක් සම්මතවිය. අදාල නියෝජිත හමුව සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප නියෝජිතයින් අති බහුතරයක් සහභාගීවී ඇති අතර එහි ප්‍රධානත්වය දැරුවේ බස්නාහිරි පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාය.
   එහිදී බොහෝ දෙනෙක්ගේ මතය වූයේ වර්තමාන ශ්‍රී.ල.නි.ප නායකයා වන ජනපතිවරයා එහි අභිවෘද්ධියට කිසිඳු පියවරක් නොගන්නා බවත්, ඉදිරි මැතිවරණයේදී නැවත රජයක් පිහිටුවීමට ඔහුට දර්ශනයක් නොමැති බවය. එබැවින් ශ්‍රී.ල.නි.ප ය නැවත දිනවිය හැක්කේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවය. 

   එසේම එම අවස්ථාවේදී ඉදිරි මැතිවරණයකදී ක්‍රියාකල යුතු ආකාරය සහ සැලසුම් සකස් කෙරුණු අතර යම් හෙයකින් මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී.ල.නි.ප යෙන් නාම යෝජනා නොලැබුණහොත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා විය.

Thursday, April 23, 2015

රට වෙනුවෙන් 19 ට සහය දක්වන්න - මෛත්‍රී


පවතින දේශපාලනික තත්වය හමුවේ රට ගැන සහ රටේ ඉදිරිය ගැන සිතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සවස කොළඹ විහාරමහාදේවි එලිමහන් රංග පීඨයේ පැවති බස්නාරි පලාත් නිදහස් පක්ෂ නියෝජිතයන් හමුවේදී ප්‍රකාශ කලහ.

   විශේෂයෙන් අදහස් දැක්වූ එතුමන් කියා සිටියේ ලංකාවේ දේශපාලඥයින් පිරිහීමට 50% ක් ඔවුන්ගේ ස්වභාවයන් සහ 50% ක් මනාප ක්‍රමය බලපා ඇති බවයි. ජනතාවට දුන් පොරොන්දු කිසිඳු අඩුවකින් තොරව ඉටු කරන බවත් පැවසීය. එසේම තමන් නෝන්ජල් චරිතයක් ලෙස නොසලකන ලෙසත් තමන් විධායක බලතල භාවිත කර කටයුතු කිරීමට අපේක්ෂා නොකරන බවත් පැවසීය.

   එතුමන් අද රාත්‍රී 9.00 ට මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය

Thursday, January 8, 2015

Postal votes results from 10pm onward - තැපැල් ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 10 සිට


ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සවස 4 ට අවසන් වූ අතර සමස්ථයක් ලෙස ඡන්ද ප්‍රකාශ කිරීම 70-73% මට්ටමක පැවතිනි. උතුරු පළාතේ දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රකාශ කිරීම 2010ට වඩා මදක් වැඩිවී ඇති අතර සාපේක්ෂව අනෙකුත් දිස්ත්‍රික්කවල කැපී පෙනෙන අඩුවීමක් දක්නට ඇත.

   තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹා ඇති අතර එම ප්‍රතිඵල රාත්‍රී 10 සිට විකාශය කිරීමට නියමිතය.

Snappish of Election commissioner to Rupavahini - මැතිවරණ කොමසාරිස් රූපවාහිනියට කඩාපනී


අද දහවල් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජාතික රූපවාහිනියට හදිස්සියේ පැමිණ එහි සභාපතිවරයා හමුවී උදෑසන විකාශය කල සාවද්‍ය පුවතක් පිළිබඳ සිය පූර්ණ අප්‍රසාදය පලකොට එම පුවත නිවැරදි කර නැවත විකාශය කරන ලෙස නියෝග නිකුත් කරන ලදි. ජාතික රූපවාහිනිය විසින් පොදු විපක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා රජය සමග එක්වූ බව පලකරමින් සිදුකර වැරදි පුවතක් සම්බන්ධයෙන් මෙලෙස කොමසාරිස්වරයාගේ විරෝධය එල්ලවී ඇත.

   පසුව ජාතික රූපවාහිනිය විසින් අදාල පුවත නිවැරදිකොට විකාශය කර ඇතැයි වාර්තාවේ. පසුගිය සමයේ ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ගුවන් විදුලි සේවය දැඩි ලෙස මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතීව කටයුතු කිරීම සම්බන්ධව විවිධ පාර්ශව කොමසාරිස්වරයා දැනුවත් කරත් එයට ප්‍රමාණවත් පියවරක් නොගත් අතර අද දින හෝ මෙලෙස ක්‍රියාකිරීම දැඩිසේ වැදගත් පියවරක් බව විපක්ෂය සඳහන් කරයි.

Wednesday, January 7, 2015

Opposition leaders rounding up BMICH - විපක්ෂයේ නායකයින් බණ්ඩාරණායක සමරු ශාලාව වටලයි..


කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ දෙවනි කොටස තුල රජයේ නියෝජිතයින් මැතිවරණය සම්බන්ධව රහස් කටයුත්තක නිරතවේ යැයි ලද තොරතුරක් මත විපක්ෂයේ දේශපාලන නායකයින් හදිස්සියේම අදාල ස්ථානයට වැටලීමක් සිදුකොට ඇත. ආරක්ෂක අංශවල සහයද මේ සඳහා ලබාගෙන ඇතැයි වාර්තා වේ. 

Discussion

Sports

Featured

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by