Thursday, June 4, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේ අවුල් ගොඩයි

7:17 AM


වත්මන් දේශපාලන තත්වය පිළිබඳ තම පක්ෂයේ මතය ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාව අතරතුර මාධ්‍යෙව්දීන් වෙත ලබාදුන් පොතක් නිසාවෙන් එම මාධ්‍ය හමුව අවුල් ජාලාවක් බවට පත්විය. පැවති මහින්ද රාජපක්ෂ පාලනය විවේචනය කරමින් ශ්‍රී.ල.නි.ප රැකගැනීම පිළිබඳ සඳහන් කරමින් බෙදාහරින ලද එම පොත කැලෑ පත්තරයක් බවද ප්‍රකාශ විය. එහිදී අදහස් දැක්වූ සන්ධාන මහලේකම් සහ ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කලේ තමන් එම පොත ගැන කිසිවක් නොදන්නා බවත් එවැනි පොතක් පක්ෂයේ නායකයන් නොදැනුවත්ව ඉදිරිපත් කිරීම වැරදි බවයි. එවැනි දේ සිදුවේනම් තමන් කිසිවිටක පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවන් සඳහා තවදුරටත් සහභාගී නොවන බව පැවසීය.

   තවද මෙම පොත පලකර ඇත්තේ පක්ෂයේ මහලේකම් වන අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේද අනුදැනුමෙන් තොරවීම විමතියට කරුණක් ලෙස සඳහන් කල හැක. පක්ෂයේ මධ්‍ය අංශය නියෝජනය කරමින් තිලංග සුමතිපාල මහතා අදහස් කලේ මෙය පක්ෂයේ අනුදැනුම මත පලකරන ලද පොතක් බවත්ය. කෙසේ වෙතත් මෙවැනි පරස්පර විරෝධී මත නිසාවෙන් ශ්‍රී.ල.නි.ප මාධ්‍ය සාකච්ඡාව උණුසුම් වූවා මිස පක්ෂයේ මත දැක්වීම් සිදුකිරීමට එතරම් ඉඩක් නොලැබුණි. 

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by