Showing posts with label Kumar Sangakkara Farewell. Show all posts
Showing posts with label Kumar Sangakkara Farewell. Show all posts

Monday, August 24, 2015

සංගක්කාරගේ සමුගැනීමට ජයක් පුදන්නට බැරිවේ


ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවුණු අද්වතීයම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකි කුමාර් සංගක්කාර සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් තරඟය වූ ඉන්දියාව සමග දෙවන ටෙස්ට් තරඟය ලකුණු 278කින් ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

ලකුණු 413 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණි. දෙවන ඉනිමේදී අසාර්ථක පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් යම්තාක් දුරට හෝ සාර්ථක වූයේ ලකුණු 46 ක් ලබාගත් දිමුත් කරුණාරත්න පමණි. පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 45 කට කඩුළු 5 ක් සහ අමිත් මිශ්රා ලකුණු 25 කට කඩුළු 3 ක් ද ලබාගැනීමට සමත්විය. තරඟයේ වීරයා බවට පත්වුණේ ලෝකේෂ් රාහුල්ය.

අවසන් තරඟයට ක්‍රීඩාකල කුමාර් සංගක්කාරට ගෞරවනීය සමුගැනීමක් ලබාදීමේ අරමුණින් අවසන් දිනයේදී තරඟය නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ බෙහොමයක් සුපිරි චරිත එක්ව තිබිණි. 

ලංකාව වෙනුවෙන් අග්‍රගන්‍ය සේවයක් කරන ලද මෙම ක්‍රීඩකයාට ජයග්‍රහණයකින් සමුගැනීමක් ලබාදීමට ශ්‍රී ලංකා පිල අසමත්වූ අතර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය මේවනවිට තරඟ 1-1 ලෙස සම තත්වයේ පවතී. තෙවන සහ අවසන් තරඟය එළඹෙන අගෝස්තු 28 දින කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වේ.

Discussion

Sports

Featured

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by