Showing posts with label UPFA. Show all posts
Showing posts with label UPFA. Show all posts

Tuesday, August 25, 2015

ගම්පහ සන්ධාන ලයිස්තුවෙන් ප්‍රසන්නට අප්‍රසන්න ප්‍රහාර


ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවේ වැඩිම මනාප ලබාගත් බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව අවි අමෝරා ක්‍රියා කිරීමට සන්ධාන ලයිස්තුවේ පරාජයට පත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් කටයුතු කරමින් සිටියි. ඒ අතර ඔහුගේම සොහොයුරු රුවන් රණතුංගද සිටීම විශේෂත්වයකි.

   ඊට අමතර පණ්ඩු බණ්ඩාරණායක, ෆීලික්ස් පෙරේරා වැනි ප්‍රබලයින්ද සිය පරාජයට ප්‍රධානතම හේතුව ප්‍රසන්න රණතුංග මහ ඇමතිවරයාගේ ක්‍රියා කලාපය බව ප්‍රසිද්ධියේම විවේචනය කරමින් සිටිති. එහිදී පණ්ඩු බණ්ඩාරණායක මහතා කියා සිටියේ ප්‍රසන්න රණතුංග මහතා සෘජුවම ගම්පහ දිස්ත්‍රික්කය පුරාවටම මහින්ද රාජපක්ෂට හිතවත්යැයි හැඳින්වූ කිහිප දෙනෙක්ට පමණක් ඡන්දය දෙන ලෙස සන්ධාන පාක්ෂිකයන්ට බලපෑම් කිරීම තුලින් තමන්ගේ පරාජය සිදුවූ බවයි.
   මෙයට පිළිතුරු ලෙස ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ එම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ පරාජයට වගකිව යුතු වන්නේ දිස්ත්‍රික් නායකයා බවත්, ඒ වෙනුවෙන් තමන්ට චෝදනා කර පලක් නැති බවයි.

Sunday, August 23, 2015

මට සන්ධානය ගැන බොහොම කණගාටුයි - හිරුණිකා


ජාතික ලයිස්තුව නම් කිරීමත් සමගම තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය පිළිබඳ දැඩි කණගාටුවක් ඇතිවූ බව තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියි. මහජන ඡන්දයෙන් පරාජයට පත්වූ දේශාපලඥයන් වැඩි පිරිසක් ජාතික ලයිස්තුව වැනි තීරණාත්මක ලයිස්තුවකින් නැවත පාර්ලිමේන්තුවට ගෙනඒමට කටයුතු කිරීම තුලින් සන්ධානය ඉතා පහත් තත්වයට වැටී ඇති බව ඇගේ අදහසයි.

   තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලැබුණේ මැතිවරණයට සතියක් පමණ තිබියදී බවත්, එසේම තමන්ට තරඟ කරන්නට සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයේ හොඳම ලයිස්තුව සමග වීමත් නිසා තමන්ට විශාල අභියෝගයක් තිබූ බවත්, එය ජයගෙන පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවීම ගැන අවංකවම සතුටුවන බව ඇය සඳහන් කලහ.

   එසේම ශ්‍රී.ල.නි.ප යේ වර්තමාන තත්වය ගැන තමන් අතීතයේ නියෝජනය කල පක්ෂය ලෙස දැඩි කණගාටුවක් හා කලකිරීමක් ඇති බව ඇය කියා සිටියි.

Discussion

Sports

Featured

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by