Monday, August 3, 2015

දේශපාලනය තුල පාතාලයට ඉඩ නොදිය යුතු තැන

5:47 PM


ලංකා දේශපාලනයේ නින්දිතම අවධි පසුකල අප කෙදිනක හෝ ශිෂ්ටසම්පන්න දේශපාලනයක් දැකීම උදෙසා තවමත් සිහින මවමින් සිටින්නෙමු. දේශපාලනය එකිනෙකා මරාගන්නා වහල් යුද්ධයක් බවට පත්වන්නේ බලය, මුදල්, ආකර්ශණය වැනි සාධක සමාජ සේවය ඉක්මවා පැමිණීමෙන්ය. වැඩවසම් යුගයෙන් පසු මේ සමාජ ක්‍රමයේ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය දෙසට වර්තනය වූවත් වැඩවසම් යුගයේ වහල් ලක්ෂණ තවමත් දේශපාලනයේ ඉතිරිව ඇත්තේ කරුමයටය.

   මිනිමරුවන්ට, හොරුන්ට දේශපාලනයේ තැනක් ඇත්තේ දේශපාලනය ඔවුන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය බවට පත්කරගන්නා විටය. මිනිසුන් මරා හෝ බලය ගන්නා තැනට මෙරට දේශපාලන ක්‍රමවේදය පත්ව ඇත. වයඹ පළාත් සභාවෙන් එහි කූටප්‍රාප්තිය (මේ දක්වා) පෙන්වා ඇත. එසේම මේ දිනවල ක්‍රියාත්මකවන මැතිවරණය තුලද මිනිස් ජීවිත 4 ක් දැනටමත් වල පල්ලට ගොස් ඇති බැවින් තවදුරටත් මෙම මැතිවරණය ශිෂ්ටසම්පන්න එකක් ලෙස හැඳින්විය නොහැක.


1 Comments:

  1. Yes, all the thugs had left the country because Gotabhaya was controlling successfully the situation. After yahapalana clique came to power they began to return to country. Ravi is very friendly with them. He wanted to make use of them! But finally you can see what has happened. "He who sows wind, reaps the cyclone!" Yahapalanaya has brought a lot of changes in the country. In the north LTTE is rising its head! Extremism among Muslims is mounting. The country is in a mess. Central bank is plundered nakedly. Ranil has masterminded this theft. But still all the web guys are talking incessantly: Hora! Hora! Still they continue to repeat this blatant lie! American money, dollar is playing the role of destabilizing!!!

    ReplyDelete

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by