Showing posts with label Leading. Show all posts
Showing posts with label Leading. Show all posts

Wednesday, August 26, 2015

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් යන්නටම යයිද?


ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් වසර 10ක කාලයක් කටයුතු කල සහ ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් සුවිශේෂී දේශපාලන නායකයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා පවතින දේශපාලන තත්වය නිසාවෙන් දේශපාලනයෙන් විශ්‍රාම යාමට සූදානම්වන බව වාර්තාවේ.

   කෙසේ වෙතත් මේ පිළිබඳ නිල නිවේදනයක් තවමත් වාර්තා වී නොමැති අතර මෙය කටකතාවක් මත පැතිරුණු පුවත්ක්ද යන්න පිළිබඳව නිශ්චිතව සඳහන් නොවේ. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී.ල.නි.ප ය තුල ඔහුගේ බලය ව්‍යාප්ත කිරීම සඳහා දැඩි තීන්දු තීරණ ගැනීම හේතුවෙන් බොහොමයක් මහින්දවාදීන්ට සිදුවන තාඩන පීඩන වලින් ඔවුන් මුදවාගැනීම සඳහා එවැනි තීරණයක් ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති බවට විශ්වාසවන්ත ආරංචිමාර්ග කියා සිටිති.

Friday, July 10, 2015

යහපාලනයේ ප්‍රබලයෝ හෙට අලුත් සන්ධානයකට අලියා ලකුණින්?


මේ දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාම යෝජනා අත්සන් කර නොමැති මෛත්‍රී හිතවාදීන් වන රාජිත සේනාරත්න,එම්.ඩී.එස්.ගුණවර්ධන,සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර,හේමාල් ගුණසේකර ඇතුළු හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් හෙට බිහිවන “යහපාලනය උදෙසා ජාතික පෙරමුණ“ නැමති පක්ෂයෙන් සන්ධානගතව තරඟවැදීමට නියමිත බව වාර්තා වේ. බොහෝවිට හෙටදින එම සන්ධානය පිළිබඳ අවසන් තීරණය ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වේ.

    එසේම අතුරලියේ රතන හිමි,අර්ජුන රණතුංග, පාඨලී චම්පික රණවක, සෝමවංශ අමරසිංහ, ශිරාල් ලක්තිලක ද මෙම සන්ධානය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන් වේ. ඉදිරියේදී ශ්‍රී.ල.නි.ප නියෝජනය කල මහජන නියෝජිතයින් 30කට ආසන්න පිරිසක්ද අදාල නව සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වේ.

Wednesday, July 8, 2015

මහින්ද - මෛත්‍රී සමගියෙන් පෙරට යනවා - අනුර ප්‍රියදර්ශන


එළඹෙන මහ මැතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ නාම යෝජනා ලබාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීමට නියමිත බවත්, පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිඳු කොන්දේසියකින් තොරව ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බව සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

  “පක්ෂය තුල කිසිම ගැටුමක් නෑ, කල්ලිවාදය නැහැ. ජනාධිපතිතුමා පක්ෂ නායකයා විදියට මැතිවරණය මෙහෙයවනවා, හිටපු ජනාධිපතිතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනවා..ඒකේ කිසිම ගැටළුවක් නෑ“

එහිදී අදහස් දැක්වූ ශ්‍රී.ල.නි.ප මහලේකම් අනුර ප්‍රියදර්ශන මහතා පැවසුවේ මෛත්‍රී - මහින්ද සුසංයෝගය සහයෝගයෙන් පෙරට යන බවත්, ඉදිරි මැතිවරණයේදී දූෂණ චෝදනා ලැබූ කිහිප දෙනෙක්ට පමණක් නාම යෝජනා හිමි නොවන බවය.

විනිසුරු සරත් ආබෘ ගැන වැඩිදුරටත් විමසීම්


නිවසේ මෙහෙකාරියට පහරදීම්,සාපරාධී බියගැන්වීම් සහ බරපතල ලිංගික අඩත්තේට්ටම් යටතේ චෝදනා ලැබ සිටින ශ්‍රේෂාධිකරණ විනිසුරු සරත් ආබෘට ඇප ලබාදීමට අධිකරණය තීරණය කරන ලදි.

   එනමුත් අදාල සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකර විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපති උපදෙස් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

Monday, July 6, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා ලැබූවන්ට අවස්ථාව නොදේ



පසුගිය රජය සමයේ චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් කිහිප දෙනෙක්ටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලයිස්තුවෙන් නාම යෝජනා ලබා නොදීමට එහි සභාපතිවරයා වන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. 

   ඒ අනුව රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජීන් ද වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා, මර්වින් සිල්වා සහ මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බොහෝ දුරට මෙවර නාම යෝජනා හිමිනොවනු ඇත.

   යහපාලනය පදනම් කරගෙන ජනාධිපතිවරණය අතරතුර මෛත්‍රී පාලනයක් උදෙසා ලබාදුන් පොරොන්දු අතර දූෂණ වංචා වෙනුවෙන් චෝදනා ලද මැති ඇමතිවරුන්ට නාම යෝජනා ලබා නොදෙන ලෙසට ප්‍රබල හඬක් නැගුනි.

Sunday, July 5, 2015

ජාතික හෙළ උරුමය හා පිවිතුරු හෙටක් එකට ගමනකට


එළඹෙන මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමය සහ අතුරලියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් සංවිධානය ඒකාබද්ධව “යහපාලනය උදෙසා ජාතික පෙරමුණ“ නමින් මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව වාර්තාවේ. පසුගිය දින කීපයේ දේශපාලනික වශයෙන් සිදුවූ වෙනස්කම් මත මෙතෙක් තමන් නියෝජනය කල එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත් නොවීමටත්, වෙනමම තරඟ කිරීමටත් ඔවුන් තීරණය කර ඇත.

   පසුගියදා ජනාධිපතිවරයා සමග සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමට ජාතික හෙළ උරුමය දැඩිසේ විරුද්ධ වූ අතර එම විරෝධතාවය නොතකා සන්ධානයෙන් නාම යෝජනා ලබාදීම හේතුවෙන් තවදුරටත් තමන්ට සන්ධානය යටතේ තරඟකල නොහැකි බවට හෙළ උරුමය තීරණය කර ඇත.

Discussion

Sports

Featured

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by