Showing posts with label Rosy Senanayaka. Show all posts
Showing posts with label Rosy Senanayaka. Show all posts

Saturday, August 22, 2015

මනාප ගනිද්දි මට විශාල අසාධාරණයක් වුණා, ඒ නිසා නැවත ගණිනවා - රෝසි සේනානායක


මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මනාප ඡන්දය ගණනය කිරීමේදී කිසියම් අත්වැරැද්දක් හෝ මගහැරීමක් සිදුව ඇති බවත් එයින් තමාට විශාල අසාධාරණයක් සිදුව ඇති බව හිටපු ඇමතිනී රෝසී සේනානායක මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියි.

   මැතිවරණ දිනයේදී ලැබුණ තොරතුරු සහ ඡන්දපොල නියෝජිතයින්ගේ තොරතුරු වලට අදාල මනාප ඡන්ද සංඛ්‍යාව සහ අවසන් මනාප ප්‍රතිඵලයට අදාල තමන්ග් මනාප සංඛ්‍යාව අතර දැඩි පරතරයක් ඇති බව ඇය කියා සිටියි. එ් අනුව කොළඹ දිස්ත්‍රික්කයේ එ.ජා.ප මනාප නැවත ගණන් කිරීමට තමන් ඉල්ලා සිටින බව ඇය අවධාරණය කරයි.
   කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් එ.ජා.ප යට මන්ත්‍රී ධූර 11 ක් හිමිවූ අතර ඒ ලයිස්තුවේ අවසන් ස්ථානය හිමිවුයේ මනෝ ගනේෂන් මහතාටය, රෝසි සේනානයක මහත්මියගේ මනාප සහ මනෝ ගනේෂන්ගේ මනාප අතර මනාප හාර දහසකට ආසන්න වෙනසක් පවතියි. කෙසේ වෙතත් අවශ්‍යනම් මනාප නැවත ගණන් කිරීමට තමන් සූදානම් බව මැතිවරණ කොමසාරිස්වරයාද මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

Discussion

Sports

Featured

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by