Thursday, January 8, 2015

Voter turnout about 50% for morning session - ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය උදෑසන භාගයේ 50% ට ආසන්නයි

1:28 PM


2015 ජනාධිපතිවරණය අද උදෑසන ආරම්භවුණ අතර එය අද සවස 4.30ට පමණ අවසන්වීමට නියමිතය. මේ වනවිට ලංකාව පුරාම ඡන්දදායකයින් වෙනදා නොමැති උද්යෝගයකින් යුතුව ඡන්දය පලකරන ආකාරය දැකිය හැක. සමස්ථයක් ලෙස මේ වනවිට 50% කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශයට පත්ව ඇති බව වාර්තා වේ. සුළු සුළු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හැරුණකොට එතරම් තදබල සිදුවීම් කිසිවක් උදෑසන භාගයේ වාර්තා නොවුණමුත් උතුරු පළාතෙන් දහවල් කාලයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් කීපයක් වාර්තා වී ඇත.

   එසේම මතුගම ප්‍රදේශයේ ත්‍රී රෝද රථයක තිබී ව්‍යාජ ඡන්ද පත්‍රිකා 160ක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. කෙසේ වෙතත් ගාල්ල, කොළඹ, කුරුණෑගල, මාතර වැනි දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රකාශ කිරීම දහවල් 12 වන විට 50% ද ඉක්මවා තිබීම තුලින් ආසන්න වශයෙන් සමස්ථ ඡන්ද ප්‍රකාශ කිරීම 75% ඉක්මවා යනු ඇතැයි විශ්වාස කල හැක.

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by