Tuesday, June 2, 2015

පොලීසියට ගල් ගසන බව පළාත් ඇමති කියයි

6:07 AM


එලඹෙන මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත්වුණ පසුව මූල්‍ය අපරාධ කොට්ඨාශය වසා දමා එහි පහල සිට ඉහලට සියළුම නිලධාරීන්ට ගල් ගසන බව දකුණු පළාත් අමාත්‍ය ඩී.වී.උපුල් ප්‍රකාශ කර ඇත. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද සහභාගීවූ රැස්වීමකදී ඔහු මේ බව පවසා ඇත. මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමට බලකරමින් හම්බන්තොට පැවති රැස්වීමකදී පළාත් අමාත්‍යවරයා මෙලෙස සඳහන් කර ඇත.

   එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ 60,000 ක් දස වදදී ඝාතනය කරද්දී පවා ශ්‍රී.ල.නි.ප රජයක් තුල ඒවාට එලවා එලවා පහර නොදුන් බවත්, නමුත් වත්මන් රජය තමන්ගේ සුළු වැරදි වලට පවා වෛරීය ලෙස පහර දෙන බවත් අමාත්‍යවරයා පැවසීය. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන මුත් මෙවැනි පාලකයන් සමග සහ ඔවුන්ගේ අණට කටයුතු කරන මූල්‍ය අපරාධ කොට්ඨාශය සමග එසේ කටයුතු කල නොහැකි බවත් වැඩිදුරටත් පැවසීය.

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by