Saturday, August 1, 2015

ඒ සීනු හඬ මනාප පොරයට වැටුණ හැටි

11:27 PM



අදටත් ශ්‍රී ලාංකේය දේශපාලනයේ ප්‍රතිපත්තියක් ඇති පක්ෂයක් කියා ආසාවටවත් පෙන්වන්නට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව කිව යුතුය. අනෙකුත් ප්‍රධාන පක්ෂ සහ අවශේෂ බෝඩ් ලෑලි පක්ෂ ප්‍රතිපත්ති නමට පමණක් තබාගෙන සිටියදී ජ.වි.පෙ පැමිණි ගමන ගැන සතුටුවිය යුතුය.

   රෝහණ විජේවීර නැමති දක්ෂ සහ දර්ශනයක් තිබූ මිනිසා විසින් බිහිකල ජ.වි.පෙ මූලාර්ම්භයේ සිටම දේශපාලනය සිදුකල යුත්තේ එය ඉගනගැනීමෙන් අනතුරුව බව දැඩිසේ විශ්වාසකලහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් බිහිකල සංවිධානය තුල ප්‍රතිපත්තවලට වැඩි ඉඩක් ලැබිණි. පක්ෂ සංස්කෘතිය තුල විකල්ප නාමයන් භාවිතය, පක්ෂයේ විනය, සමානාත්මතාව, රහස්‍යභාවය වැනි සංකල්ප තුලින් මෙන්ම දැනුම භාවිතය සහ වර්ධනය තුලින්ද ජ.වි.පෙ මෙරට පක්ෂ දේශපාලන කලාවේ වෙනසක් ඇතිකල පක්ෂයක් විය.


   එදා යටිබිම්ගතවූ තැන සිට නැවත ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි ජ.වි.පෙ ට මුහුණු දෙන්නට වුණේ සමානුපාතික මැතිවරණ ක්‍රමයටය. එහිදී අනිකුත් පක්ෂ වල අපේක්ෂකයන් මනාප පොරයට වැටී එකා පසුපස එකා මරාගනිද්දි ජ.වි.පෙ පෙන්නුවේ සීනුව පමණි. මනාපය ඉල්ලුවේද සීනුව ලකුණට පමණි. එනිසා ඒ සීනු හඬට විශාල අගයක් තිබිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ.වි.පෙ ප්‍රථම වරට මන්ත්‍රී ආසනයක් දිනාගන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. එහිදී පක්ෂය විසින් නම්කරන පුද්ගලයා මනාප සංඛ්‍යාව නොසලකා පත්කිරීම එකල සම්ප්‍රදාය විය. ජ.වි.පෙ මුල්ම පාර්ලිමේන්තු නියෝජනය අදටත් හම්බන්තොටින් තරඟ කරන නිහාල් ගල්පත්තිය.

   එයින් පසු මහ මැතිවරණ, පළාත් සභා, පළාත් පාලන වලටද මේ සංකල්පය සහ ප්‍රතිපත්තිය ජ.වි.පෙ ඉදිරියටම ගෙනයන ලදි. ඔවුන් මනාප පොරයට මුල් වරට වැටෙන්නේ පොදු පෙරමුණ සමග එක්ව තරඟකල මැතිවරණයේදීය. එහිදී ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයන් සමග හරි හරියට තරඟ කරන්නනම් මනාප අංකය කරපින්නාගෙන යායුතු බව ජ.වි.පෙ තේරුම්ගත්හ. එසේ නොවන්නට තමන්ගේ මන්ත්‍රීධූර 16 නැත්තටම නැතිවන බව ඔවුන් දැන සිටියහ. එදා මනාප අංකය මුල්ම වරට පොර පිටියට ගෙන ආවද ඒ වනවිටත් ජ.වි.පෙ තුල යටින් යටින් මනාප වදින සංස්කෘතියක් බිහිව තිබිණි. කෙසේ වෙතත් මනාප පොරයේ මුල්ම අදියර අති සාර්ථක වෙමින් ශ්‍රී ලංකා කාරයෝද පරාජය කරමින් ජ.වි.පෙ පෙරට පැමිණියහ.

   එහෙත් පසුව මේ මනාප අංකය නොමැතිව යාමට ජ.වි.පෙ අපොහොසත් වී ඇත. අද වනවිටත් මැතිවරණයට ජ.වි.පෙ යන්නේ මනාප අංකයද රැගෙනය. අනිකුත් පක්ෂ හා සලකන විට ඒ තරම් බලු පොරයක් නැතත් සීතල සටන් මැද ජ.වි.පෙ මනාප පොරය සිදුකරමින් ඇත.

1 Comments:

  1. Today JVP is funded by American embassy( wikileleaks) Rathu Alipetiya has carried JVP towards naked capitalism! I never thought Anura would repeat false accusations of Mangala like temple trees coup d'état, 18 billion $ theft etc. this Anura is very soft when he talks of Batalanda Ranil! At first he was telling against foreign passport holders but that scream suddenly stopped because Arjuna the Plunderer is a Signapore man! His sole enemy is Mahinda, who destroyed LTTE ! Anura never wanted LTTE to be destroyed! This time some people would be hoodwinked by This Yankee Anura! Specially young fellows will follow him! Rohan was well aware of the U.S. Imperialism! For this man China and Russia are the enemies!

    ReplyDelete

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by