Monday, August 3, 2015

අද කලාව ඉල්ලුමට සැපයුම සපයන වෙළඳ භාණ්ඩයක් වෙලා - ප්‍රදීප් ගුණරත්න

4:13 PM

ජනතාවගේ අදහස්වලට මාධ්‍යවල ඉඩකඩ ලැබීම බොහොම අවම මට්ටමක ඇති ලෝකයක සමාජ ජාල තුලින් වැඩි ඉඩක් මහජන මතයට ලැබී තිබෙනවා. එහෙත් ඒ තුලින් පවා සැබෑ ජනමතය විවර වෙන්නේ බොහොම අඩුවෙන්. “පුරවැසි මතය“ සංවාදශීලි කතිකාවත තුලින් අපේක්ෂාකරන්නේ සැබෑ පුරවැසි මතයට ඉඩකඩ ලබාදීමයි. අද පුරවැසි මතය තුලින් ඔබ හමුවන්නේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ, වෘත්තීය චිකිත්සක, ප්‍රදීප් ගුණරත්න මහතා. අන්තර්ජාලය තුල ලේඛන කලාවේ වසර ගණනක අත්දැකීම් සහිත ඔහු විසින් අන්තර්ජාලය වෙත ලියූ ලිපි බෙහෙවින් ප්‍රචලිත විය. මානසික සෞඛ්‍ය මෙන්ම සමාජයේ විහිදුනු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති ඔහු සමග කෙරුණු සංවාදය මෙලෙසින් දිගහැරේ.


ඔබ දකින ආකාරයට ශ්‍රී ලංකාව සංවර්ධනය නැමති ඉලක්කය දෙසට ගමන් කිරීම ආරම්භ කල යුත්තේ කොතනින්ද? ඒ වගේම ඒ ගමන් මග කෙසේ විය යුතුද?

සංවර්ධනය යන වචනය හුදෙක් භෞතික සංවර්ධනයට පමණක් ලඝු කළ නොහැකියි. රටක් තුල සංවර්ධනය ලෙස හැඳින්විය හැක්කේ භෞතික සංවර්ධනය, ආර්ථික සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය, පාරිසරික සංවර්ධනය, අධ්‍යාපන සංවර්ධනය, ආධ්‍යාත්මික සංවර්ධනය ආදී අංශ ගණනාවක සිදුකරන සංවර්ධනයයි. ශ්‍රී ලංකාව සැලකූ විට දියුණු වෙමින් පවතින රටක් වශයෙන් මෙරට මූලික අවධානය යොමු විය යුත්තේ සම්පත් සංවර්ධනය වෙනුවෙනුයි. අධ්‍යාපනික සංවර්ධනය හා ආකල්පමය සංවර්ධනය තුලින් කුසලතා පූර්ණ ශ්‍රම බලකායක් ඇති කිරීමත්, ඒ තුලින් රට නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙන යාමත් මෙරට සංවර්ධනයේ මූලික පියවර විය යුතු බවයි මගේ හැීම.
විශේෂයෙන්ම අධ්‍යාපන පාඨමාලා පවතින සමාජ අවශ්‍යතා අනුව නවීකරණය වීමත්, නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ජන මනස හැඩගැස්වීමත් එහි මූලික අවශ්‍යතා විදියට හඳුන්වන්න පුළුවන්. ඒ ඔස්සේ කෘෂිකාර්මික, කාර්මික සහ විද්‍යාත්මක නව නිෂ්පාදන බිහි කිරීම තුලින් පමණයි සංවර්ධිත රටක් කරා ගමන් කළ හැකි වන්නේ. එය දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ඔස්සේ සකස් විය යුතුයි. එහිදී නව නිපැයුම් කරන අයට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහය ලබා දීම අත්‍යවශ්‍ය කරුණක්.



අද රටේ පවතින පක්ෂ දේශපාලනය තුලින් අපේ රටට සුගතියක් සිදුවී ඇත්ද?

පක්ෂ දේශපාලනය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සෑම එකකම පාහේ පවතින දේශපාලන ක්‍රමයක්. ඒ තුලින් පමණයි රටක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළ හැකි වන්නේ. ගැටළුව පවතින්නේ පක්ෂ දේශපාලනයේ නොවේ. ඒ ඒ පක්ෂ වල අරමුණු වලයි. රටකට කිසියම් කාලයක අවශ්‍ය වන දේශපාලන නායකත්වය සපයන්නට රටේ නායකත්වය දරන පක්ෂ වලට හැකියාවක් නැත්නම් එතැන ගැටලුවක් ඇති වෙනවා. ශ්‍රී ලංකාව ගත්තොත් නිදහසින් පසුව රට පාලනය කළ දේශපාලන පක්ෂ එකකටවත් රටේ ධනාත්මක සංවර්ධනයක් කරන්න බැරි වුණා. ඒ ඒ අවස්ථානුකූලව ඇති වූ ගැටලු වලට තාවකාලික විසඳුම් ලබා දෙමින් තමන්ගේ පැවැත්ම රැකගැනීම තමයි හැම කෙනෙක්ගේම අරමුණ වුණේ. එහි නරකම දේ තමයි ඒ විසඳුම් දේශපාලන නායකත්වය අනුව කාලයෙන් කාලයට වෙනස් වුණ එක. ඒ තත්ත්වය ඉදිරියේදීවත් වෙනස් විය යුතුයි.


තරුණයෙක් ලෙස අද තරුණ පරපුර ගැන ඔබගේ අදහස?

අද තරුණ පරපුර මීට අවුරුදු 20 කට කලින් හිටපු තරුණ පරපුරට වඩා ගොඩක් දියුණුයි. මං දියුණුයි කියන එකෙන් අදහස් කරන්නේ තාක්ෂණය භාවිතා කිරීම, දැනුම ළඟා කරගැනීමේ වේගය, දැනුම් මට්ටම වගේ දේවල් වලින් දියුණුයි කියන එක. නමුත් අප තුල ජීවන කුසලතා වල විශාල අඩුවක් තිබෙනවා. තාක්ෂණය තුලින් කොච්චර වේගවත් සම්බන්ධතා ඇති කරගත්තත් ඒ සම්බන්ධතා වල මානුෂික හැඟීම් වලට සහ බුද්ධියට තියෙන ඉඩ කඩ වේගයෙන් පටු වෙමින් යන බවක් තමයි පෙනෙන්නට තියෙන්නෙ. තත්‍ය ලෝකයේ පවත්වන අන්තර් පුද්ගල සම්බන්ධතා වල විශාල අඩුවක් තිබෙනවා. ඒවා බොහෝ විට අන්‍යොන්‍ය අවබෝධයෙන් ඇති කරගන්නා සම්බන්ධතා නෙමෙයි. අනිත් පැත්තෙන් කිසියම් දෙයක ඇති ගැඹුරු ආධ්‍යාත්මික හෝ භාවමය ලක්ෂණ අවබෝධ කරගැනීමේ විශාල දුර්වලතාවයක් තිබෙනවා.


මට හිතෙන විදියට අපි තාක්ෂණයට ළං වෙන්න වෙන්න අපිත් යන්ත්‍ර බවට පත් වෙමින් යනවා. පොතක් කියවනවට වඩා රෙස්ලින් තරයක් බලන්න යොමු වෙන, සිත සන්සුන් කරවන සංගීතය වෙනුවට වේග රිද්ම සංගීතයට ලොල් වෙන, ත්‍රාස්‍යජනක සිනමාපට වැඩි වැඩියෙන් නරඹන පරපුරක ඉන්න අපේ තරුණ පරපුර තමන්ගේ ජීවිතයේ මනුෂ්‍යත්වයට වඩා විශාල ඉඩකඩක් ආවේගයන්ට භාර දීලා තියෙනවා. ඒ නිසයි සියදිවි නසාගැනීම්, පෙම්වතිය/මව/පියා ඝාතනය කිරීම් වගේ දේවල් වැඩි වැඩියෙන් අහන්න දකින්න ලැබෙන්නෙ. තරුණ පරපුර වැරදියි කියනවා නෙමෙයි. නමුත් මීට වඩා තරුණයින්ගේ මානසික සංවර බවක්, අන් අයගේ හැඟීම්, අදහස් වලට ගරු කළ හැකි බවක්, තමන්ගේ අඩුපාඩු පිළිගත හැකි බවක් සහ සාධනීය ලෙස ගැටලු විසඳාගත හැකි බවක් ඇති විය යුතුයි.

මීට දශක දෙක තුනකට පෙර කලාව සහ අද කලාව අතර වෙනස්කම් තිබෙන්නට පුළුවන්, අපේ කලාව අභාවයට ගිහින් කියලා ඔබ හිතනවද?

කලාව අභාවයට ගිහින් නැහැ. නමුත් කලාව අද යහපත් අරමුණු කරා යොමු වෙනවා අඩුයි. චිත්‍ර කලාව ගත්තත්, ඡායාරූප ශිල්පය ගත්තත්, සංගීතය ගත්තත්, ජනමාධ්‍ය කලාව ගත්තත්, නාට්‍ය සහ සිනමාව ගත්තත් මේ හැම එකක් ම මුදල් කියන මූලික සාධකය මත පදනම් වෙන බවක් පේන්න තියෙනවා. කලාව තුලින් මිනිසා ආනන්දයෙන් ප්‍රඥාවට කැවාගෙන යා යුතු වුවත් අද කලාවෙන් සිදු වෙන්නෙ ආනන්දය සහා ප්‍රේක්ෂකයා ඉල්ලන දේ සැපයීම පමණයි. අද කලාව ඉල්ලුමට සැපයුම සපයන වෙළ භාණ්ඩයක් වෙලා තියෙන්නෙ.

ඔබට හො නිර්මාණයක් කරන්න අවශ්‍ය නම් ඒකට මූල්‍ය දායකත්වය දෙන්න කලින් කෙනෙක් දෙපාරක් හිතනවා. නමුත් ඔබ රැල්ලට යන, සමාජය ඉල්ලන දේ සපයනවා නම් ඒ සහා වියදම් කරන්න කවුරුත් බය වෙන්නෙ නෑ. ඒ නිසා දවසින් දවස කලාවේ ගුණාත්මක බව පිරිහෙමින් යනවා. නමුත් හො නිර්මාණ නැති වෙලා නෑ. ඉතා අපහසුවෙන් හො නිර්මාණ කරන කලාකරුවන් ඉන්නවා. ඔවුන් කරන්නෙ එක්තරා විදියක උඩුගං බලා පිහිනීමක්. ඔවුන්ට අපි ගරු කළ යුතුයි.

ලංකාවේ චිත්‍රපට කර්මාන්තය වාණිජ වශයෙන් දියුණුවක් සොයාගෙන යන ආකාරය පෙනෙන්ට නෑ, ඒ වගේම අතීතයේ තරම් සාර්ථක නිර්මාණ බිහිවෙන්නෙත් නෑ. ඒ ගැන ඔබේ මතය කුමක්ද?

චිත්‍රපට කර්මාන්තය පිළිබ කියන්න වෙන්නෙත් කලින් ප්‍රශ්නයට දීපු උත්තරයමයි. චිත්‍රපට කර්මාන්තය කියපු ගමන්ම එතන ගැටලුවක් තිබෙනවා. චිත්‍රපට කර්මාන්තයක් විය යුතු නැහැ. චිත්‍රපට කලාවක් විය යුතුයි. එය ගුණාත්මක වෙනකොට එයින් ආදායම් උපයන්න පුලුවන්. ආදායම් ඉපයීම අරමුණු කරගෙන චිත්‍රපට නිෂ්පාදනය කරනකොට ඒකෙ ගුණාත්මක භාවයට හානියක් වෙන එක වලක්වන්න බැහැ. අතීතයේ චිත්‍රපට කලාවක් වූ නිසා එහි යම් හරයක් තිබුණා, හො ආදායම් තිබුණා, ප්‍රේක්ෂකයන් සිනමාපට බලන්න යොමු වුණා.
අද සිංහල සිනමාපටයක් බලන්න යන්නෙ කීයෙන් කී දෙනාද? ඒ අයගෙන් ඇත්තටම රසිකයො ඉන්නෙ කී දෙනාද? බොහෝ දෙනෙක් යන්නෙ පෙම්වතා/පෙම්වතිය එක්ක තනි වෙන්න, තව සමහරු කාලය ගෙවාගන්න. කළාතුරකින් කෙනෙක් තමයි ඇත්තටම චිත්‍රපටය බලන්න යන්නෙ. හැබැයි හො බටහිර සිනමාපටයක් ආවොත් දවස් කීපයකට කලින් ටිකට් බුක් කරන්නෙ නැතුව හොඳ ආසනයක් ලබාගන්න අමාරුයි.

අනිත් කාරණය තමයි සිනමාශාලා වල පහසුකම් අඩු වීම. සිනමාශාලා වල මීට වඩා පහසුකම් ඇති කලොත්, වාහන නවත්වන්න, ඇතුලත වායු සමීකරණ, හොඳ ශබ්ද පද්ධති වාගෙ දේවල් තිබුණොත් මීට වඩා යම් පිරිසක් සිනමා ශාලා වලට එයි. නමුත් ගුණාත්මක සිනමාපට බිහි වීම තුලින් තමයි සිනමාව දියුණු කරන්න පුලුවන්.


පොත පත කියවීමට යොමුවීම සාපේක්ෂව හොඳ මට්ටමක තිබෙනවා. එහෙත් එය ප්‍රමාණවත්ද?


මට හිතෙන විදියට පොත පත කියවීමට යොමුවීම කියනවට වඩා පොත පත මිලදී ගැනීමට යොමු වීම කිව්වොත් නිවැරදියි. අපි සැප්තැම්බර් මාසෙ පොත් සල්පිලට යන්නෙ ට්‍රෙන්ඩ් එකට. ගිහින් කීයක් හරි වියදම් කරලා පොත් මිලදී ගන්නවා. මිලදී ගත්ත පමණින් ඒවා කියවනවා කියන්න අමාරුයි. පොත් කියවන්නෙ බොහොම සුළු පිරිසක්. පාසල් සිසුන් කියවන්නෙ පාසල් පෙළ පොත් විතරයි. විශ්වවිද්‍යාල සිසුන් කියවන්නෙ නිර්දේශිත පොත් විතරයි. මේ තත්ත්වය වෙනස් විය යුතුයි.
පොත් කියවීම අපෙන් ඈත් වුණේ රූපවාහිනියත් එක්ක. හැන්දෑවට පොතක් කියවපු අපි දැන් හැන්දෑවට කොටස් 300 ක විතර ටෙලි නාට්‍යයක් බලනවා. ඒ අතරෙ බස් එකේ යන එන ගමන් පවා පොත් කියවන අය නැතුවා නොවෙයි. ඒ වගේම දුෂ්කර වුනත් පොත් ලියන විශාල තරුණ පිරිසකුත් ඉන්නවා. ඒ අය ඉතාමත් අගය කළ යුතුයි.
අපි පොත් කියවිය යුත්තේ ඇයි කියන එක කුඩා කාලෙදිම දරුවන්ට කියල දෙන්න පුලුවන් නම්, දෙමාපියන් දරුවන් එක්කම එකතු වෙලා පොත් කියවනවා නම්, දරුවන්ගෙ උපන්දිනයට සෙල්ලම් තුවක්කුවක් වෙනුවට හො පොතක් දෙනවා නම් පොත් කියවීම අනාගතයේදී වැඩි වේවි.

අපේ රටට වඩා කුඩා සහ සම්පත් අඩු රටවල් ඔලිම්පික් වැනි ජාත්‍යන්තර ඉසව්වලදී අපට වඩා බොහෝ ඉදිරියෙන්, මෙයට මූලික හේතුව කියා ඔබ සිතන්නේ කුමක්ද?

ඒකට හේතුව තනි වචනයෙන් කිව්වොත් පුහුණුව. ලෝකයේ බොහෝ රටවල් තමන්ගෙ රටේ දක්ෂතා තියෙන දරුවන් පාසලේදීම හඳුනාගන්නවා. ඊට පස්සෙ ඒ දරුවන්ට මනා පුහුණුවක් ලබා දෙනවා. අපේ රටේ ඒ අදියර දෙකේම අඩුපාඩු තිබෙනවා. කැලේ පිපෙන මල් කැලයේම පරවී යා නොදිය යුතුය කිව්වට අපේ රටේ ඕනෑතරම් මල් කැලයේම පිපිලා කැලයේම පර වෙලා යනවා. ඒ නිසා පාසල් වලින්ම ඒ දරුවන් හඳුනාගෙන ඔවුන් තරයට සූදානම් කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. ඒ වගේම අනිත් රටවල ක්‍රීඩකයන් අතරත් විශාල තරයක් තිබෙනවා. ඒ තරය තිබුණොත් තමයි තමන්ට මුහුණ දෙන්න සිදුවෙන තරයේ තරකාරීත්වය ක්‍රීඩකයට වැටහෙන්නෙ. ඒ අත්දැකීමත් අපේ රටේ ක්‍රීඩකයන්ට ලැබෙනවා අඩුයි. එයත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා අඩු වීමට විශාල හේතුවක්.

අපේ අධ්‍යාපන ක්‍රමයේ විශාල ගැටළුවක් තිබෙනවා, ඒ ගැටළුවට ඔබේ විසඳුම කෙබඳුද?

අපේ අධ්‍යාපනයේ ප්‍රධාන ගැටලු දෙකක් මම දකිනවා. එකක් තමයි පාසල් හැරයාම (school dropouts). අනික තමයි උසස් අධ්‍යාපනය සහ රැකියා අවස්ථා අතර නොගැලපීම. ඒ ගැටලු දෙකටම තිබෙන්නේ එක විසඳුමයි. ඒ තමයි රටේ රැකියා ඉල්ලුමට සරිලන අධ්‍යාපන අවස්ථා ඇති කිරීම. අපේ අධ්‍යාපන ක්‍රමය පදනම් වෙලා තියෙන්නෙ භාෂාව සහ ගණිතය මත. නමුත් ඒ දෙකට අදක්ෂ දරුවන් වෙනත් දේට දක්ෂ වෙන්න පුලුවන්. අපේ අධ්‍යාපන ක්‍රමය එවැනි විකල්ප කුසලතා සහිත දරුවන් ආමන්ත්‍රණය කළ හැකි එකක් විය යුතුයි. අනිත් පැත්තෙන් අධ්‍යාපන පද්ධතියෙන් එළියට එන යෞවනයා හෝ යෞවනිය කිසියම් වෘත්තියක නිරත වීමේ නිපුනත්වයක් සහිත විය යුතුයි.

“සමලිංගික විවාහ“ නීතිගත කිරීමට අමරිකාව පෙළඹුනා. එය ලොව වෙනස්කල සිදුවීමක්. ලංකාවේ අපි සිටිය යුත්තේ කොතනද?

සමලිංගික විවාහ කියන තැනට යන්න කලින් අපි පසු කල යුතු අදියර ගණනාවක් තිබෙනවා. මුලින්ම සමලිංගිකත්වය නෙමෙයි කුමන ආකාරයේ හෝ ලිංගිකත්වය පිළිබ සමාජයේ පවතින මිත්‍යා මත සහ නොදැනුවත් කම තුරන් කල යුතුයි. තවමත් වැඩිහිටියන් අතර පවා ලිංගිකත්වය තහනම් මාතෘකාවක්. හැබැයි ලිංගිකත්වය සංකේතවත් කරන අසභ්‍ය වචන පාර්ලිමේන්තුව තුලත් කතා කරනවා. ලිංගිකත්වය පිළිබ නොදන්නාකම නිසයි සමලිංගිකත්වය මාතෘකාවක් වෙන්නෙ. දේශපාලන වේදිකාවේ සමලිංගිකත්වය ගැන කතා කරන්නෙ.

නිසි ලිංගික අධ්‍යාපනයක් යොවුන් වියට එළඹෙන වයසෙදි ලැබෙනවා නම් අනවශ්‍ය ගැබ් ගැනීම්, ලිංගාශ්‍රිත රෝග වැළඳීම වගේම සමලිංගිකත්වය ඇතුලු විෂමලිංගිකත්වයට වඩා වෙනස් ලිංගික නැඹුරුවක් ඇති පුද්ගලයන්ට එරෙහි වෙනස් කොට සැලකීම සහ කොන් කිරීම අඩු වේවි. එදාට තමයි අපිට සමලිංගික විවාහ ගැන කතා කරන්න වෙන්නෙ.


කවදහරි ලංකාවේ ජනතාව සියළුම දෙනාට එකවර පණිවිඩයක් දෙන්නට ලැබුණොත් ඔබ දෙන පණිවිඩය කුමක්ද?


ඔබේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය කුමක් වුවත් හැකි සෑම විටම යමක් ඉගෙනගන්න. නිවැරදි දේ පමණක් ඉගෙනගන්න. තමන් ඉගෙනගත් දේ ප්‍රායෝගිකව භාවිතා කරන්න. ඒ තුලින් තමන්ගේ හැකියාවවැඩි කරගන්න. ඊට පස්සෙ තමන් දන්නා දේ අනිත් අයටත් කියාදෙන්න. තමන්ගේ ජීවිතයට ඒ තුලින් වටිනාකමක් ලබාගන්න. 

lankawords@gmail.com

1 Comments:

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by